ආලියාට රන්බිර්ගේ පවුලෙන් කැමැත්ත ලැබිලා

2018-07-04


රන්බීර් කියන්නේ බොලිවුඩ් තිරයේ මේ දිනවල වඩාත් කතාබහට ලක්වෙන තරුණයා කිව්වොත් හරි.කාලෙන් කාලෙට රන්බිර් බොලිවුඩ් තිරයේ රංගන ශිල්පිණියන් කීපදෙනෙක් එක්කම ප්‍රේම සම්බන්ධතා ඇති කරගත්තා. ඒ අතරින් දීපිකා පදුකෝන් , කත්‍රිනා කයිෆ් ප්‍රධාන තැනක් ගන්නවා.

රන්බීර්ගේ අලුත් පෙම්වතිය වෙන කවුරුවත් නෙමෙයි අපි කවුරුත් දන්න බොලිවුඩ් තිරයේ දඟකාරිය ආලියා බාත්. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන විදියට ආලියා රන්බීර්ගේ පවුලේ අය සමඟ මේ වෙද්දිත් හුඟක් හිතවත් වෙලාලු. රන්බීර්ගේ පෙම්වතියන් අතරින් රන්බීර්ගේ පවුලේ අයගේ වැඩිම කැමැත්ත හිමිවෙලා තියෙන්නෙත් ආලියාටම තමයි. රන්බිර්ගේ සොයුරිය රිද්මා කපුර් පහුගිය දවසක ආලියාට විශේෂ තෑග්ගකුත් එවලා තිබුණා. ආලියේ ඒ තෑග්ගේ පින්තුරය පළකරලා රිද්මාට ස්තූතිය පලකරන්නත් අමතක කරලා තිබුනේ නෑ.මේ දවස්වල ඉතින් පාපන්දු ලෝක කුසලානයනේ. රන්බීර් කියන්නේ පාපන්දු ක්‍රීඩාවේ රසිකයෙක්. කොහොම කොහොම හරි රන්බිර් හින්දම ආලියාත් දැන් පාපන්දු ලෝලියෙක් වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. පහුගිය දවසක රන්බිර්ගේ හොඳම යාළුවා අයාන් සහ ආලියා රන්බිර් එක්ක ෆිෆා තරඟ බලන්නත් එකතු වෙලා තිබුණා.