බොලිවුඩයේ ඛාන් ත්‍රිත්වයට තමන්ගේ තැන අහිමි වෙලා

2019-01-08


   බොලිවුඩයේ වඩාත් සාර්ථකම නළුවන් විදියට හඳුන්වන්නේ ෂාරුක් ඛාන්, සල්මන් ඛාන් සහ අමීර් ඛානුයි. ඔවුන්ගේ චිත්‍රපටයක් තිරගත වෙනවා නම් එය ආදායම් වාර්තා බිඳ හෙලන බව කවුරුත් දන්නා කරුණක්. 2018 වසරේ දී මෙම රංගන ශිල්පින් තිදෙනාගේම චිත්‍රපට තිරගත වුනත් . ඒ එක් චිත්‍රපටයක් වත් Box Office වාර්තා වල පළමු චිත්‍රපට තුන අතරට එන්න සමත් වුනේ නැහැ. මෙහෙම සිදුවීමක් වෙලා තියෙන්නේ අවුරුදු 12කට පස්සේ කියලයි දැනගන්න ලැබෙන්නේ.

   2018 වසරේ තිරගත වුන චිත්‍ර පට අතරින් වැඩිම ආදායමක් ලබා තියෙන්නේ රන්බීර් කපුර් රඟපෑ සංජු චිත්‍රපටයයි. Box Office වාර්තා වල දෙවන හා තෙවන ස්ථාන දෙකම ලබාගෙන තියෙන්නේ රන්වීර් සින්හ් රඟපෑ චිත්‍රපට වීම විශේෂයි. එම වාර්තා වල දෙවන ස්ථානය පද්මාවත් චිත්‍රපටයට සහ තුන්වන ස්ථානය සිම්බා චිත්‍රපටය හිමිව තිබෙනවා. සිම්බා චිත්‍රපටය තාමත් තිරගත වෙමින් පවතින නිසා මෙහි ආදායම මීටත් වඩා වැඩිවිය හැකි බවත් වාර්තා වෙනවා.

   සල්මන් ඛාන් රඟපෑ Race 3 චිත්‍රපටය අමීර් ඛාන් රඟපෑ Thugs of Hindostan චිත්‍රපටය සහ ෂාරුක් ඛාන් රඟපෑ Zero චිත්‍රපටය මේ විදියට අසාර්ථක වී තිබෙනවා.