බොලිවුඩයේ නිළියන්ට 2020 නම් 2019 තරම් සුබ නැතිලු

2020-01-28


   2019 වසරේදී බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වූ චිත්‍රපට රැසක ප්‍රධාන චරිත නිරුපණය කරනු ලැබුවේ රංගන ශිල්පීන්ට වඩා රංගන ශිල්පිනියන් වීම විශේෂත්වයක්. නමුත් 2020 ආරම්භයේදී තිරගත වීම ඇරඹු දීපිකා පදුකෝන් රංගනයෙන් දායකත්වය දැක්වූ Chapaak චිත්‍රපටය එතරම් සාර්ථකත්වයට පත්වුයේ නැහැ. ඒ වගේම බොලිවුඩයේ සරාගී චරිතාංග රංගන ශිල්පිනියක් වෙන කන්ගනා රනාවට් රංගනයෙන් එක්වූ Manikamika චිත්‍රපටය 2019 වසරේදී අති සාර්ථක අන්දමින් තිරගත වුවත් මෙවර ඇයගේ රංගන දායකත්වයෙන් තිරගත වෙන Panga චිත්‍රපටය එතරම් ප්‍රේක්ෂකයින්ගේ අවදානය දිනාගන්නට සමත් වී නැති බව පැවසෙනවා. නමුත් වරුන් දවාන් සහ ශ්‍රද්ධා කපුර් රංගනයෙන් එක්වූ Street Dancer 3 චිත්‍රපටය Panga චිත්‍රපටය අභිබවා යමින් තිරගත වෙන බව පැවසෙනවා. රංගන ශිල්පීන්ට වඩා රංගන ශිල්පිනියන් සාර්ථක වූ වසරක් ලෙස හැඳින්වූ 2019 වසර ගෙවියාමත් සමඟ බොලිවුඩයේ වාසනාව නැවතත් රංගන ශිල්පීන් අතට පත්වෙන ලකුණු පෙන්නුම් කරන වසරක් ලෙස 2020 වසර හඳුන්වා දිය හැකියි.