බොලිවුඩයේ තනිකඩයා සල්මන්ගේ හිතේ ඉන්නේ කත්‍රිනා ලු.

2018-09-20


   සල්මන් ඛාන් කියන්නේ බොලිවුඩ් සිනමාවේ සිටින කඩවසම් වගේම වඩාත් සාර්ථක රංගන ශිල්පියෙක්. බොලිවුඩයේ සාර්ථකම ඛාන් ත්‍රිත්වය විදියට හඳුන්වන්නේ සල්මන් ඛාන් , ෂාරුක් ඛාන් සහ අමීර් ඛානුයි. මේ තිදෙනාගෙන් තාමත් තනිකඩව ඉන්නේ සල්මන් ඛාන් විතරයි. සල්මන් ඛාන් සහ අයිශ්වර්යා රායි අතර පැවතුන ආදර සම්බන්ධය බිඳ වැටුනට පස්සේ සල්මන් බොලිවුඩයේ සුන්දර රංගන ශිල්පිනියන් රැසක් සමඟ ආදර සම්බන්ධතා ගොඩ නගා ගත්තා. ඒත් ඒ අතරින් දීර්ඝ කාලයක් ඇසුරු කලේ කත්‍රිනා කයිෆ්ව පමණයි. සලමන් සමඟ පැවති ආදරය බිඳ වැටුනට පස්සේ කත්‍රිනා රන්බීර් සමඟ පෙමින් වෙලුනත් ඒ සම්බන්ධයත් වැඩි කාලයක් පැවතුනේ නෑ. 

   ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන විදියට කත්‍රිනා නැවතත් සල්මන් සමඟ සමීපව ඇසුරු කරනවා. සල්මන්ගේ හිතවතුන් කියන විදියට ඔහුගේ හිතේ සුවිශේෂී තැනක් කත්‍රිනා වෙනුවෙන් තියෙනවලු. කත්‍රිනා අකමැති නොවුනා නම් සල්මන් සහ කත්‍රිනා අතර විවාහය මිට අවුරුදු 10 කට කලින් සිදුවෙන්නත් ඉඩ තිබුනලු. මේ සම්බන්ධයට සල්මන්ගේ පවුලේ අයගෙත් කැමැත්ත ලැබිලා. සල්මන් කත්‍රිනා ගැන මේ තරම් හිතුවට කත්‍රිනා සල්මන් ගැන ඒ තරම් දුරට නොහිතන නිසා තමයි ලු විවාහය සිද්ධ වෙන්නේ නැත්තේ. එත් කත්‍රිනා දවසක් මාධ්‍යයට කියලා තියෙනවා ඇයට යම් කිසි අවස්ථාවකදී විශ්වාසය තියන්න පුළුවන් එකම කෙනා සල්මන් ඛාන් විතරයි කියලා. ඉතින් කවදාහරි දවසක මේ දෙන්නගේ විවාහය සිද්ධ වෙයි කියන බලාපොරොත්තුව රසිකයන්ට තියාගන්න පුළුවන්.