බොලිවුඩයේ වාර්තා බිඳ දැමූ කබීර් සිං

2019-06-28


   ෂහිඩ් කපුර් ගේ කබීර් සිං චිත්‍රපටය මේ දිනවල කාගේත් අවධානය දිනාගන්න සමත් වෙලා තියෙනවා. මීට සතියට කලින් තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේදීම ඉන්දියානු කෝටි 20.21 ක ආදායමක් ලබා ඇති අතර ගෙවුන සතිය තුලදී ඉන්දියානු රුපියල් කෝටි 134.42 ක වාර්තාගත ආදායමක් ලබා තිබෙනවා. රන්විර් සිං රඟපෑ ගලි බෝයි චිත්‍රපටය තිරගත වූ කාලය පුරාම සතියක් තුල උපයා ගෙන තිබුන වැඩිම ඉන්දියානු රුපියල් කෝටි 134.21 වන අතර එම මුදල පළමු සතිය තුල ඉක්මවා යාමට ෂහිඩ් කපුර් ගේ කබීර් සිං චිත්‍රපටය සමත් වී තිබෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් කියන්නේ කබීර් සිං චිත්‍රපටය ඉතා ඉක්මනින් කෝටි 200 ආදායම් ලැබූ චිත්‍රපට අතරට එක්වනු ඇති බවයි. 

 
 
 
View this post on Instagram

A post shared by Shahid Kapoor (@shahidkapoor) on Jun 26, 2019 at 5:30am PDT