බොලිවුඩයේ වැඩිම වියදමක් දරපු දෙවන චිත්‍රපටය Thugs of Hindostan

2018-08-24


   මෙම වසරේ තිරගත වීමට නියමිත Thugs of Hindosthan චිත්‍රපටය කෙරෙහි ලොව පුරා බොලිවුඩ් රසිකයන්ගේ අවධානය යොමුව තිබේ. එයට හේතු කීපයක් ඇති අතර මෙහි රංගනයෙන් දායක වන නළු නිලියන්ද එයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. අමිතාබ් භච්චන් සමඟින් අමීර් ඛාන් රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය මෙයයි. එමෙන්ම කත්‍රිනා කයිෆ් ද සිය නර්තන දායකත්වයද මෙම චිත්‍රපටය කෙරෙහි රසිකයන්ගේ ආකර්ෂණය හිමිවෙන්න එක් හේතුවක්.

   මේ වන විට චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය වගේම මෙහි එන ගීත දෙකක පුර්ව ප්‍රචාරක පට මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර අවසන්.

 

   Yash Raj Films අයාතනය වෙනුවෙන් ආදිත්‍ය චොප්රා නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටයේ තිරපිටපත හා අධ්‍යක්ෂණය විජේ ක්‍රිෂ්ණා ආචාරියාගෙයි. බොලිවුඩයේ මෙතෙක් වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කර ඇති චිත්‍රපට අතර දෙවන ස්ථානයේ පසුවෙන්නේ මෙම Thugs of Hindosthan චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය නිර්මාණය සඳහා වැය වී ඇති සම්පුර්ණ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 42 ක් බවයි වාර්තා වෙන්නේ.