දිපිකාගේත් රන්විර්ගේත් විවාහය මේ වසර අවසානයේදී

2018-06-12


දීපිකා පදුකෝන් කියන්නේ දැනට බොලිවුඩයේ ඉහලම තැන ඉන්න රංගන ශිල්පිනිය කිව්වොත් හරියටම හරි . ඇය කෙරෙහි ලොව පුරා පිරිමි ළමුන් අවධානය  යොමු කරමින් සිටියත් ඇයගේ අත හිමි කරගන්න වාසනාව ලැබිලා තියෙන්නේ තවත් බොලිවුඩයේම තරුවක් වන  රන්විර්  සිංග් හටයි.

අවුරුදු 5 තිස්සේ ගලාගෙන ගිය මේ දෙන්නගේ ආදර කතාවේ ලස්සනම දවස නොවැම්බර් 19 වෙනිදා කියලයි දීපිකා නම් කියලා තියෙන්නේ. කොහොම වුනත් මෙයා අනුෂ්කා ශර්මා වගේ destination wedding එකක් ගනියි ද  එහෙම නැත්තන් සෝනම් කපුර් වගේ මුම්බායි වලම විවාහ උත්සවය පවත්වයිද කියලා නම් දැනගන්න විදියක් නෑ.