කන්ගනා රනාවත් ජාතික මට්ටමේ කබඩි ක්‍රීඩිකාවක්

2018-06-13


කන්ගනා රනාවත් කියන්නේ බොලිවුඩයේ ඉන්න සරාගී රංගන ශිල්පිනියක්. ඇයගේ නමත් සමඟ පහුගිය කාලේ පුරාවටම රීතික් රෝෂන් ගේ නම කියවුණත් මේ වෙද්දී ඒ දෙදෙනාම ඒ  සම්බන්ධතාවයට තිත තියලා. කන්ගනා රානාවත් රංගනයෙන් එකතු වෙන මනි කර්ණිකා චිත්‍රපටයත් , කොමඩි චිත්‍රපටියක් වෙන මෙන්ටල් හේ කියා අපිට ඉදිරියේදී දැක බලා ගන්න හැකියාව ලැබෙයි.

කොහොම වුනත් කන්ගනා ගැන දැනගන්න ලැබෙන අලුත්ම ආරංචියේ හැටියට ඇය බාරගත්ත අලුත්ම චිත්‍ර පටියේ ඇය ජාතික මට්ටම නියෝජනය කරන කබඩි ක්‍රීඩිකාවකගේ චරිතය නිරුපනය කරනවලු. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අශ්විනි ඉයර් තිවාරි . හැමදාමත් පෙම්වතියගේ චරිතයට එහා යමින් තිරය මත විවිධ චරිත නිරුපණය කරන කන්ගනාගේ අලුත්ම චිත්‍රපටය ගැන තව විස්තර ලැබුන ගමන් ඔයාට කියන්නම්.