කරන් ජොහාර් ගේ අලුත්ම තෝරාගැනීම

2019-07-22


   අභිෂේක් භච්චන් , ජෝන් ඒබ්‍රහම්, ප්‍රියංකා චොප්රා රංගනයෙන් දායක වුන දොස්තානා චිත්‍රපටය මතකද? මේ චිත්‍රපටය නිර්මාණය කරපු කරන් ජොහාර් දොස්තානා චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කරන්න සුදානමින් ඉන්නවා. තමන්ගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කරන් ජොහාර් සඳහන් කර ඇත්තේ ඔහු දැනටමත් මේ චිත්‍රපටය සඳහා නවක නළු නිලි යුවලක් වන කාර්තික් ආර්යන් සහ ජාන්වී කපුර් තෝරාගෙන ඇති බවයි. සුන්දර ආදර කතාවක් ඔස්සේ නිර්මාණය වීමට නියමිත Dostana 2 චිත්‍රපටය තුලින් ජාන්වී කාර්තික් මෙන්ම තවත් අලුත් මුහුණක් ද අපිට මුණ ගැසෙන බව කියවෙනවා.