නික් හින්දා සල්මන් ට බෑ කියපු ප්‍රියංකා චොප්රා

2018-08-03


ප්‍රියංකා චොප්රාගේ විවාහ ගිවිස ගැනීම ගැන බොලිවුඩය පුරාම කතා බහට ලක්වෙන්න පටන් අරන්. ප්‍රියංකා චොප්රා සහ ඇමරිකානු ජාතික නික් ජෝනාස් අතර තියෙන ආදර සම්බන්ධය දැන් කාටත් රහසක් නෙමෙයි. සල්මන් ඛාන් ගේ අලුතින්ම නිෂ්පාදනය වෙන චිත්‍රපටය “Bharath” මේ චිත්‍රපටයේ රංගනයෙන් එකතු වෙන්න හිටිය ප්‍රියංකා දැන් ඒ වැඩ කටයුතු වලිනුත් සමු අරගෙන. පසුගිය දවසක නික් ජෝනාස් engagement ring එකක් තෝරන්න Tiffany Store New York City සම්පුර්ණයෙන්ම වහලා දාලා තියෙනවා. ඉතින් මේ නිසාම හුඟක් දුරට ප්‍රියංකා චොප්රා ගේ විවාහ ගිවිස ගැනීම එයාගේ 36 වෙනි උපන්දිනය දවසේදී සිදුවෙන්න ඇති කියලයි හුඟ දෙනෙක් අදහස් දක්වන්නේ. හැබැයි තාමත් නික් වත් ප්‍රියංකා වත් මේ ගැන මාධ්‍යයට හරි උත්තරයක් දීල නෑ. කොහොම වුනත් ප්‍රියංකා මේ වෙද්දී බොලිවුඩයේ සුපිරි නළු ත්‍රිත්වයෙන් දෙන්නෙක් එක්කම හිත නොහොඳකම් ඇති කරගෙන ඉවරයි. ප්‍රියංකාට මෙහෙම ගියොත් වෙන්නේ අමරිකාවේම නවතින්න තමයි.