ප්‍රියංකා චොප්රා ඇමරිකානු අතක් අල්ලාගෙන ඉන්දියාවෙන් ගිහින්

2018-06-29


සතියක කාලයක් ඉන්දියාවේ ගත කල ප්‍රියංකා චොප්රා ඇගේ නවතම පෙම්වතා ඇමරිකානු ගායක Nick Jonas සමඟින් මුම්බායි ගුවන් තොටුපලින් පිටව ගොස් තිබෙනවා. බොහෝ දුරට ඔවුන් බ්‍රසීලය බලා පිටත්ව යනු ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සතිය පුරාවට ප්‍රියංකා චොප්රා Nick Jonas සමඟින් කාලය ගත කර තිබෙනවා. වරක් ප්‍රියංකා ගේ මවත් එක්වූ රාත්‍රී ආහාර වේලක දී, මිතුරු මිතුරියන් පිරිවරාගෙන  ගෝවා හිදී වගේම ආකාශ් අම්බානිගේ Pre Engagement Party එකේදිත් මේ දෙන්නා එකටම ඉන්නවා දැක බලාගන්න පුළුවන් වෙලා තියෙනවා.

තවදුරටත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන පරිදි Nick Jonas සහ Priyanka chopra ජුලි මස අන්තිම හෝ අගෝස්තු මස මුල මුදු මාරු කරගැනීමට ඉඩ තිබෙනවා. මේ දෙදෙනාගේ ඉන්දියානු සංචාරයේ අරමුණ Priyanka Chopra ගේ නෑදෑ හිතවතුන් මුණ ගැසීම කියලයි වැඩි දෙනෙක් ගේ විශ්වාසය වෙලා තියෙන්නේ.