රිෂි කපුර්ට පිළිකාවක්ද?

2018-10-04


   පහුගිය දිනක රිෂි කපුර් , රන්ධීර් සහ රජිව් කපුර්ගේ මෑණියන් වෙන ක්‍රිෂ්ණා රාජ් මිය ගියා . ක්‍රිෂ්ණා රාජ්ගේ අවසන් කටයුතු වලදී රිෂි කපුර් දකින්න නොලැබීම කාටත් ප්‍රෙහෙලිකාවක් වුනා. එහිදී පැතිරගිය කටකතාවක කියවුනේ රිෂි කපුර් තුන්වන මට්ටමේ පිළිකාවකින් පෙලෙන බවයි. 

   කොහොම වුනත් මේ ගැන අදහස් දක්වමින් රිෂි කපුර්ගේ සහෝදරයා රන්ධීර් කපුර් මාධ්‍යයට පවසා තියෙන්නේ. රිෂි කපුර් අසනීප තත්ත්වයකින් පෙලෙන නමුත් එය පිළිකාවක්ද නැද්ද යන්න හරියටම කිව නොහැකි බවයි. රිෂි කපුර් මේ වෙද්දී පරීක්ෂණ කිහිපයක් සඳහා ඇමරිකාවට ගොස් ඇති අතර එහි ප්‍රතිපලය කුමක් වුනත් එය මාධ්‍යයට නොසඟවා පවසන බවත් දැනට ඔහුට නිදහසේ එම පරීක්ෂණ වලට මුහුණ දෙන්න අවස්ථාව සලසා දීම තමන්ගේ අරමුණ බවත් ඔහු තව දුරටත් පවසා තිබෙනවා.

   කෙසේ වුනත් පරීක්ෂණ සඳහා පිටත් වන්න කලින් රිෂි කපුර් සිය ට්විට්ටර් ගිණුමෙහි ඔහුගේ රසික රසිකාවියන් වෙනුවෙන් පණිවිඩයක් ද තබා තිබුනා