රිතික් ගේ Film එකක් ළඟදීම..

2019-06-05


   රිතික් සමඟින් යාමි ගෞතම් එක්ව රඟපෑ කාබිල් චිත්‍රපටයෙන් පසුව රිතික් රඟපෑ චිත්‍රපටයක් දකින්න ලැබුනේ නැහැ. ඉතින් රිතික් ගේ රසික රසිකාවියෝ සෑහෙන උනන්දුවකින් බලාගෙන හිටියා රිතික් ගේ අලුත් Film එකක් එනකන්. ජූනි මාසේ 4 වෙනිදා රිතික් ගේ අලුත්ම චිත්‍රපටය Super 30 චිත්‍රපටයේ නවතම පුර්ව ප්‍රචාරක පටය නිකුත් වුනා. සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වී තිබෙන මෙම චිත්‍රපටය Vikas Balh සහ Anurag Kashyap ගේ අධ්‍යක්ෂණයක්. මෙහි ප්‍රධාන චරිතය නිරුපණයට රිතික් සමඟින් ඉන්දියානු ටෙලි නාට්‍ය නිලියක් වන Mrunal Thakur එක්ව තිබෙනවා. මෙම චිත්‍රපට ජූලි මස 12 වෙනිදා තිරගත වීමට නියමිතයි.