රන්බීර් ගේ සංජු ජුනි 29 වෙනිදා

2018-06-13


රන්බීර් කපුර් කියන්නේ දැනට බොලිවුඩයේ සිටින ආකර්ශනීයම රංගන ශිල්පියායි. ඔහුගේ මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපටිය වන්නේ සංජු. මේ චිත්‍රපටිය හරිම සුවිශේෂී චිත්‍රපටයක්. මොකද මෙම චිත්‍රපටයේ කියවෙන්නේ බොලිවුඩයේ තවත් සුපිරි තරුවක් වන සංජේ දත් ගේ ජිවිත කතාව වන නිසා. මේ මාසේ 29 වෙනිදා තිරගත වෙන්න තියෙන මේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය නරබන්න ඔබට දැනේවි ඒ චිත්‍රපටය මොනතරම් සුවිශේෂී චිත්‍ර පටයක් ද කියලා.