රනු මොන්ඩාල් වැඩ වරද්දා ගනී

2019-11-07


   වීදියේ ගී ගයමින් හිඳ අන්තර්ජාලයේ පළවූ වීඩියෝවක් ඔස්සේ ජනප්‍රියත්වයට පත්වූ රනු මොන්ඩාල් ඔබට මතකයි නේද? මේ වනවිට ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයේම අවධානය දිනාගන්නට ඇයගේ කටහඬේ තිබුණ සුන්දරත්වයට හැකියාව ලැබුනා. නමුත් ඇයගේ කටහඬ තරම් ඇයගේ සිතුවිලි සුන්දර නැති බවක් ඇයගේ හැසිරීමෙන් පහුගියදාක එලිවුනා. ඉන්දියාවේ සුපිරි චිත්‍රපට පසුබිම් ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙකු වෙන හිමේෂ් රෙෂ්මියා ඇය වෙනුවෙන් නිර්මාණය කෙරු ගීතය පවා කුමාර් සානුගේ දියණියට දීමට තරම් රනු මොන්ඩාල් ගේ හැසිරීම හේතුවී තිබුණා. රානු ට කැමැත්තක් ඇති කාන්තාවක් ඇය සමඟ සෙල්ෆි චායාරුපයක් ගැනීමට පැමිණි අවස්ථාවේදී රානු තමන් දැන් ජනප්‍රිය චරිතයක් බවත් තට්ටු කරමින් කතා නොකරන ලෙසත් පවසා ඇයව ඉවත් කර තිබෙනවා. මේ සිදුවීම  වීඩියෝ ගත කර අන්තර්ජාලයට එක්කිරීමෙන් අනතුරුව  රානුව අගය කල පිරිස්ම රානුව ප්‍රතික්ෂේප කිරීමට පටන් ගෙන තිබෙනවා. ඉතින් මේ සිදුවීමෙන් කල කිරීමට පත්වීමෙන් අනතුරු හිමේෂ් තමන්ගේ ගීතය ඇයට නොදීමට තීරණය කර ඇති බව දැනගන්න ලැබෙනවා.