ශ්‍රද්ධා කපුර් - යාමී ගෞතම් මේ දෙන්නම කැමති එකම දේ

2018-07-13


මේ අවුරුද්දේ වැඩි දෙනෙක් අතර කතා බහට ලක්වෙන අලුතෙන් එන්න තියෙන චිත්‍රපටයක් තමයි Batti Gul Meter Chalu කියන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් එකතු වෙන්නේ ෂහිඩ් කපුර් , යාමි ගෞතම්  සහ ශ්‍රද්ධා කපුර්.

කොහොම වුනත් මේ දිනවල මේ රංගන ශිල්පිනියන් දෙන්නා Batti Gul Meter Chalu චිත්‍රපටයේ වැඩකටයුතු එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න අතරේ මේ දෙන්නම පැණිරස වලට ගොඩක් ආසයි කියලා දෙන්නට දෙන්නා තේරුම් අරන් තියෙනවා. ශ්‍රද්ධා කපුර් රඟපාන්න දර්ශන තලයට එද්දී එයාගේ දවල් ආහාරයත් එක්ක ජලෙබි කියන ඉන්දියානු රසකැවිලි set එකේ හැමෝටම අරගෙන එනවලු, යාමි පැණි රස කන්න ආසයි කියලා දැනගත්තට පස්සේ දැන් ශ්‍රද්ධා යාමි වෙනුවෙන් වෙනමම රසකැවිලි පාර්සලයක් අරන් එනවා කියලයි ආරංචි වල කියවෙන්නේ.