සල්මන් ඛාන් දැන් නළුවෙක් විතරක් නෙමෙයි

2018-06-08


සල්මන් ඛාන් ගේ අලුතෙන්ම තිරගත වෙන්න තියෙන චිත්‍රපටය තමයි race 3 කියලා කියන්නේ. මේ චිත්‍රපටයයේ  සල්මන් ඛාන් , ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්  වගේම අනිල කපුර්වත් දැකගන්න පුළුවන්. පහුගිය කාලෙම කටකතාවක් ගියානේ සල්මන් ඛානුයි ෂාරුක් ක්හානුයි එකම ෆිල්ම් එකක රඟපානවා කියලා. හුඟක් අය හිතුවේ Race 3 ෆිල්ම් එකේ ශාරුක් වත් දකින්න පුළුවන් වෙයි කියලයි. හැබැයි අපේ ඒ බලා පොරොත්තුව නම් race 3 ෆිල්ම් එකෙන් හැබෑ කරගන්න වෙන්නේ නෑ.

ඔයා දන්නවා සල්මන් ඛාන් hero ෆිල්ම් එකට සින්දුවක් කියලා ගායකයෙක් වුනා කියලා. ඔන්න දැන් සල්මන් ඛාන් නළුවෙක් ගායකයෙක් විතරක් නෙමෙයි පද රචකයෙක් බවටත් පත් වෙලා. සල්මන්ගේම නිෂ්පාදනයක් වෙන Race 3 චිත්‍රපටයේ selfish කියන ගීතයේ පද රචනා වෙලා තියෙන්නේ සල්මන්ගේ අතින්. දැක්කනේ දැන් දැන් තමයි සල්ලුගේ නියම දක්ෂතා එලියට එන්නේ.

ගීතය පහලින්