SRK ගේ අලුත්ම Film එක Zero ගැන

2018-11-16


   ෂාරුක් ඛාන් කියන්නේ කවුරුත් හඳුනන සුපිරි නළුවෙක් ඔහුගේ නවතම චිත්‍රපටය තමයි Zero කියන්නේ.  තුන්ආ කොන් ආදර අන්දරයක් පසුබිම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. Zero චිත්‍රපටයේ ෂාරුක් සමඟ කත්‍රිනා සහ අනුෂ්කා රංගනයෙන් එක්වෙනවා. ෂාරුක් මෙතෙන් රඟපෑ චිත්‍රපට අතරින් වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කර ඇති චිත්‍රපටය විදියටයි Zero හඳුන්වන්නේ. 

   මේ චිත්‍රපටයේ පිටපත හිමන්ෂු ශර්මාගේ වෙන අතර අධ්‍යක්ෂණය ආනන්ද එල් රායි විසින් සිදු කර තිබෙනවා. කෙසේවෙතත් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ. ෂාරුක් ගේ බිරිඳට අයිති Red Chillies Entertainment ආයතනයෙන් බවයි කියවෙන්නේ. මෙම චිත්‍රපටය සඳහා ඩොලර් මිලියන 28ක් වැය වී තිබෙනවා. 2016 වසරේ රූගත කිරීම් ඇරඹුන මෙම චිත්‍රපටය මෙම වසරේ දෙසැම්බර් 21 වනදා තිරගත වීමට නියමිතයි.