විවාහ සංවත්සරය වෙනුවෙන් ප්‍රියංකා ගෙන් නික්ට ලැබුණු තෑග්ග

2019-11-27


   ජනප්‍රිය යුවල අතරින් ඉහලම තැනක සිටින නික් ජෝනාස් සහ ඔහුගේ බිරිඳ බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පිනිය ප්‍රියංකා චොප්රා ගේ පළමු විවාහ සංවත්සරය යෙදී තියෙන්නේ දෙසැම්බර් 01 වෙනිදාටයි.  හැබැයි ප්‍රියංකා තමන්ගේ තෑග්ගක් නික්ට කලින්ම දීලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.  හිතාගන්න පුලුවන්ද ඇය මොන විදිහේ තෑග්ගක් ඔහුට දෙන්න ඇතිද කියලා. ඇය තමන්ගේ ආදරණීය සැමියාට දීලා තියෙන්නේ German  shepherd වර්ගයට අයත් බලු පැටියෙක්.  ඔවුන් මේ බලු පැටියට දීලා තියෙන නම තමයි Gino.  ඉතින් ප්‍රියංකාගෙන් උදේ පාන්දර තමන්ට ලැබුන මේ තෑග්ග ගැන සටහනක් තබමින් නික් ජෝනාස් පවසා තියෙන්නේ තමන් උදෑසන අවදී වූ වෙලේ පටන් තමන් සිනාසෙන බවයි.