According To Mathew චිත්‍රපටයට පාදක කරගත් සත්‍ය කතාව

2018-11-30


   චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මැතිව් නමැති චිත්‍රපටය මේ දිනවල ප්‍රදර්ශනය කෙරේ. චන්ද්‍රන් රත්නම් එම චිත්‍රපටයට පාදක කර ගත්තේ කලකට පෙර මෙරට සිදුවූ ඝාතන දෙකක් සම්බන්ධයෙන් වරදකරු වූ මැතිව් පීරිස් දේවගැතිවරයාගේ සත්‍ය සිද්ධියයි.බොරැල්ලේ ඇන්ග්ලිකානු දේවස්ථායක සිදු වූ එම මරණ දෙකට මුල්වූයේ දේවගැතිවරයා හා ඩැල්රින් ඉංග්‍රම් නමැති කාන්තාවක ඇතර පැවැති අනියම් සම්බන්ධයකි. මැතිව් ජෝර්ජ් ෆෙඩ්රික් පීරිස් එංගලන්ත සභාවට අයත් පුංචි බොරැල්ල සාන්ත පාවුළු දේවස්ථානයේ දේවගැතිවරයා විය.

   1979 ජනවාරි මස 31 වැනි දින කොළඹ මහ රෝහලේ අංක 47 
වාට්ටුවට සිහිසුන්ව අසාධ්‍ය තත්වයේ සිටි කාන්තාවක ඇතළත් කෙරිණි. ඇය රෝහල කරා ගෙන ආවේ බොරැල්ල ප්‍රෙද්ශයේ දේවස්ථානයක සිටි දේවගැතිවරයකු විසිනි.
.
   රෝගියා ගේ රුධිරයේ සීනි ප්රභමාණය ඉතා පහත් තත්ත්වයක පැවැතිනි
එහෙයින් වෛද්‍යවරු සීනි මට්ටම ඉහළ නැංවීමට සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගත්හ.එහෙත් රෝගියාගේ තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරෙන්නට විය. ඇයට දියවැඩියා තත්ත්වයක් ඇතැයි කීව ද ඇය පරීක්ෂා කළ වෛද්යකවරයාට එවැනි තත්ත්වයක් නොමැති බව පෙනී ගියේය.

   ඔහු ‍‍මේ සම්බන්ධයෙන් වෙනත් වෛද්‍යවරයකු හා කතා කරමින් සිටියදී ටික කලකට ඉහත තමාද මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් බව එම වෛද්‍යවරයා පිරිස් මහත්මියට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට කියා සිටියේය.වැඩි දුර සාකච්ඡා කිරීමේදි වෛද්‍යවරුනට පැහැදිලි වූයේ කාන්තාව රෝහලට භාර දුන් පුද්ගලයාට සමාන පුද්ගලයකු එම රෝගියාද රෝහල් ගත කර ඇති බවය.

   එම රෝගියා රසල් ඉංග්‍රම් නමැති පුද්ගලයෙකි. රසල් ඉංග්රිම් හා ඔහුගේ බිරිඳ වූ ඩැල්රින් ඉංග්‍රම් දූ දරුවන් තිදෙනකු ගේ මව්පියෝ වූහ. ඩැල්රීන්ගේ සොයුරිය වූ තෙරේසා දැඩි ආගමික භක්තිමත් කාන්තාවක වූවාය. ඇය ගේ මැදිහත්වීම නිසාම ඩැල්රීන්ට දේවගැති මැතිව් පීරිස් හඳුනා ගැනීමට හැකි විය.

   ඩැල්රීන් ද මැතිව් පීරිස් දේවගැතිවරයා කෙරෙහි අප්රාමාණ වූ භක්තියකින් හා විශ්වාසයකින් කටයුතු කරන්නට වූයෙන් ඔවුනොවුන් අතර හිතවත්කමක් ඇති විය. ඩැල්රින් එවක 33 හැවිරිදි වූ අතර ප්‍රියමනාප කාන්තාවක වූවාය.

   දේවගැතිවරයා ඇය ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස පත් කර ගැනීමට පසුබට නොවීය.මේ වන විට ඩැල්රීන්ගේ සැමියා වූ රසල්ට රැකියාව අහිමි වී සිටි අතර දේවගැතිවරයා විසින් ඔහුට රැකියාවක් සොයා දීමට කටයුතු කළේය. දේවගැතිවරයා ඉංග්‍රම් පවුල දේවගැති නිවෙසේ නතර කර ගත්තේය.

   රසල් ඉංග්‍රම් ඉතා කඩවසම් නිරෝගී පුද්ගලයකු විය.ක්‍රිකට් හා බොක්සිං ක්‍රීඩකයයෙක්ද වූ මෙම කඩවසම් පුද්ගලයා රෝගියකු හා දුර්වල පුද්ගලයකු බවට පත්වීම කිසිවකුට සිතාගත නොහැකි දෙයක් විය. ඔහු අධික නිදිමතකින් පෙළෙන්නට වූ අතර ඔහුගේ මව්පියන් දෙවගැති නිවෙසට පැමිණි අවස්ථාවක දේවගැතිවරයා ඔවුනට ප්‍රකාශ කළේ ඔහු සැත්කමකට භාජනය කළ යුතු බවටය. තම පුත්‍රයා වෛද්‍යවරයකු කරා ගෙන යැමට ඉංග්‍රම් යුවල උත්සාහ කළද දේවගැතිවරයා එයට විරුද්ධ විය.

   දිනක් රසල් සිහිසුන් විය ඉතා අසාධ්‍ය තත්වයෙන් පසු වූ ඔහු රෝහලට ඇතුළත් කරන ලද්දේ දේවගැතිවරයා සහ ඩැල්රින් විසිනි. රෝගියා දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන්නේ යැයි සැක කිරීම නිසා රසල්ගේ රුධිර පරීක්ෂාවන් සිදු කරද්දී තම රසායනාගාර ඉතිහාසයේ ප්ර ථම වතාවට රෝගියකුගේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම ‘0’ අගයක පැවතිණි.

   ඩැල්රීන් හා මැතිව් පිරිස් දේවගැතිවරයා ද නොවැරදීම රෝගියා බැලීමට ආහ. ඒ ඔහුට අවශ්යේ වූ ආහාර ද රැගෙනය. රෝහලින් දෙන ආහාරවලට අමතරව ගෙනෙන ආහාර ද රෝගියාට සපයනු ලැබුවේ දේවගැතිවරයාගේ වුවමනාවටය. බොහෝ දිනවල ඔවුහු රෝගියා අසල වැඩි වේලාවක් රැඳෙති. රෝග සුව කිරීමේ දිව්යෝමය බලයක් තමා තුළ වෙතැයි යන සිතුවිල්ලෙන් ඔහු ආසක්තව සිටියේය.

   ඇතැම් අවස්ථාවලදී රෝගියා සුව වන ලකුණු පෙන්නුම් කළද බොහෝ අවස්ථාවලඔහුට අධික ලෙස දහදිය තැමීමත් තදින් හුස්ම ගන්නා අයුරුත් දැකගත හැකි විය. ඇතැම් අවස්ථාවල දේවගැතිවරයා රෝගියාගේ මුවට සුදු පැහැති කුඩා පෙත්තක් දමනු අසල ඇඳන්වල රෝගීහු දැක තිබිණි.

   1978 අගෝස්තු 10 රසල් ඉංග්රම් මරණයට පත් විය. ඔහුගේ සිරුර දේවගැති නිවෙසට ගෙන යන ලදි.

   රෝහලට ඇතුළත් කරන ලද ඉයුනිස් ෆිලිෂියා පීරිස් මහත්මියද මොළයට වූ හානිය හේතුවෙන්  නිව්මෝනියාවෙන් 1979 මාර්තු මස 19 වැනි දින මරණයට පත් වූවාය.
. ඉයුනිස් පීරිස්ගේත් රසල් ඉංග්‍රම්ගේත් මරණ සම්බන්ධයෙන් සැකයක් හට ගැනුණේ මේ අතරය පීරිස් මහත්මියගේ අවමගුල් කටයුතු අවසන්වී ටික දිනකට පසු මරදාන පොලිසියට පැමිණිල්ලක් ලැබිණි. මෙම මරණ සැක කටයුතු ‍යැයි එහි සඳහන් විය.

   අධිකරණ නියෝගයක් මත 1979 මාර්තු 29 වැනි දින රසල් ඉංග්රම් ගේ සිරුර යළි ගොඩ ගන්නා ලද්දේ ඒ සඳහා පරීක්ෂණ පැවැත්වීමට අධිකරණ නියෝගයක් ලද හෙයිනි. ඉන් දේවගැතිවරයා මහත් සේ බියපත් විය.
රසල්ගේ අවසන් කටයුතු කළ මල් ශාලාවට දුරකතන ඇමතුමක් දුන් සිරුරේ එම්බාම් කටයුතු සිදු කෙරැණු ආකාරය පිළිබඳව විමසා සිටියේය. මල්ශාලාවේ කළමනාකාරිත්වය මෙම සිදුවීම පොලිසියට වාර්තා කළේය.
මළ සිරුරෙහි අභ්යන්තර අවයව සියල්ල ඉවත් කර තිබූ අතර ලී කුඩු ඔබ්බවා එය පරිපූර්ණ කර තිබිණි. පරීක්ෂණ පැවැත්වීමට බාධාවක් වන අයුරින් එලෙස සියලු සාක්ෂි විනාශ කොට තිබුණේ ඉතා සූක්ෂම අයුරින් බව පසුව හෙළි විය. පොලිසිය පරීක්ෂණ ඇරැඹීය.

   ඒ අනුව අප්රේල් මස 4 වැනි දින දේවගැති නිවෙස මුළුමනින්ම පරීක්ෂාවට ලක් විය. එහිදී දියවැඩියා රෝගය සඳහා දෙන ‘ඉයුග්ලුකෝන්’ (Euglucon) නමැති පෙති ප්රිමාණයක් සමඟ ‘Body Mind Sugar’ (බොඩි මයින්ඩ් ඇන්ඩ් ෂුගර්) නම් පොතක් ද පොලිස් භාරයට ගැනිණි. එය ඔහු එංගලන්තයේ සිට ගෙනවිත් තිබූ පොතකි. රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණයන් පිළිබඳ මෙන්ම දියවැඩියාව සඳහා හේතු වන තොරතුරු එහි සඳහන්ව තිබීම විශේෂයකි.

   සියල්ල අවසානයේ මැතිව් පීරිස් දේවගැති වරයාට සාපරාධි ලෙස තම බිරිය හා රසල් ඉංග්රම් ගේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන්ද ඩැල්රීන් ඒවාට අනුබල දීම සම්බන්ධයෙන්ද කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලදී. නඩුව මාස 9 ක් පුරා පැවතිනි.

   සාක්ෂි විමසීමෙන් පසූ විත්ති කරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත් විය. විත්ති කරුවන්ට මරණීය දණ්ඩනය නියම විය

   තීන්දුවට එරෙහිව 1986 පෙබරවාරි 12 දින අභියාචනාවක් ඉදිරිපත් කළ අතර එහිදී දෙවැනි විත්තිකාරිය ඩැල්රින් ඉංග්ර්ම්ට නිදහස හිමි විය.

   මැතිව් පීරිස් දේවගැතිවරයාට මරණීය දණ්ඩනය එලෙසම තහවුරු කෙරිණි..කෙසේ වුවද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවූ හෙයින්
මැතීව් පීරිස් ‍ෙද්වගැති වරයා වැලිකඩ බන්ධනාගාරයේරෙඳවා සිටියේය.

   1997 දී මැතිව් පීරිස් සිරගෙදරින් නිදහස් විය. ඉන් වසර කිහිපයකට පසු ඔහු මිය ගියේය. ඩැල්රින් ඉංග්‍රම් වත්තල ප්‍රෙද්ශයේ පදිංචිව සිටියාය. ඉන්පසු කුමක් සිදු වූවාද යන්න අනාවරණ නොවීය.

 

 

ෆේස්බුක් හි පලවුන ලිපියක උපුටා ගැනීමකි.