අපි උදේට හිතන විදිය තාර්කික වුනාට හවසට හරිම හැඟීම්බරයි ලු

2018-06-22


වෙනස් නොවෙන එකම දේ වෙනස් වීමයි කියලා කතාවක් තියෙනවනේ. පර්යේෂකයින් පිරිසක් ට්විටර් වෙබ් අඩවියේ පරිශීලිකයන් ගේ මිලියන 800 ක ට්විටර් පණිවිඩ අධ්‍යයනය කරලා හොයාගෙන තියෙනවලු. ගොඩ දෙනෙක් උදේ වරුවේ තබන සටහන් හරිම තාර්කික බවත් ඒ වගේම හවස් වරුව වෙනවිට තබන සටහන් හරිම සංවේදී හැඟීම්බර වන බවත්. ඒ වගේම ඒ සටහන් තබන්න ඔවුන් පාවිච්චි කරන වචන භාෂා විලාසය පවා සෑහෙන දුරට වෙනස් බවයි ඔවුන් කල මේ අධ්‍යනයේදී තහවුරු වෙලා තියෙන්නේ.

ඒ කියන්නේ එකම පුද්ගලයා වුනත් දවසේ පැය 24 තුලදී විවිධ අයුරින් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන් උදේ 5 ත් 6 ත් අතර වෙලාවේදී වඩාත් තාර්කිකව හැමදේම දිහා බලන බවත් හවස් කාලයේදී වගේම රාත්‍රී කාලයේදී වඩාත් හැඟීම්බර වෙන බවත් අපි තේරුම් අරන් ඉන්න එක හොඳයි නේද?