ඩියෝඩ‍්‍රන්ට්වලින් වලින් ගන්න පුළුවන් අමතර වාසි

2019-07-01


අපි සාමාන්‍යයෙන් deodorant එකක් පාවිච්චි කරන්නේ අත් යට ඇතිවෙන දහඩිය දුඟද පාලනයට හැබැයි අද මේ ලිපියෙන් කියන්න යන්නේ Deodorant එකකින් අපිට ගන්න පුළුවන් තවත් අමතර වාසි කීපයක් ගැනයි.

   යටි පතුලේ දහඩියට විසඳුමක්

   යටි පතුලට දහඩිය දැමීම හින්දා අපි මුහුණ පාන ලොකු ගැටළුවක් තමයි පාවහන් ගැලෙව්වට පස්සේ ඇතිවෙන දුඟද මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියටත් ඔයාට අත් යට විතරක් නෙමෙයි කකුලේ යටි පතුලේ Deodorant ආලේප කිරීමෙන් යටි පතුලට දහඩිය දැමීම වලක්වා ගන්න පුළුවන්.

   මදුරුවෝ කුඹි කෑවම කස කස ඉන්න එපා

   පුංචි පුංචි කෘමි සත්තු කෑවම ලොකු වේදනාවක් නැති වුනත් එපා වෙනවනේ කස කස ඉඳල. මේකෙන් ගැලවෙන්න නම් මදුරුවෙක් කුම්බියෙක් කාලා රතුවෙලා කසන තැන ඔයාගේ Deodorant එකෙන් පොඩ්ඩක් ගාන්න වේදනාව අඩුවෙලා යන්නේ සට සට ගාලා

   මහත අයගේ ප්‍රශ්නයක්

   ටිකක් මහත අයට විඳින්න වෙන ලොකු ගැටළුවක් තමයි ඇවිදිනකොට කකුල් දෙක එකිනෙකට අතිල්ලිලා ඇතිවෙන තුවාල. ඉකිලි කැපිලා කියලා කකුල් දෙක ඈත් කරගෙන ඇවිදින්නේ නැතුව උදේට ඉකිලි දෙපැත්තේ Deodorant ටිකක් ගාගෙන ගියා නම් වැඩේ ශේප්.

   අලුත් සපත්තු දානකොට කකුල කැපෙනවා

   සමහර සපත්තු වලට කකුලේ සමහර තැන් කැපිලා පුදුම වේදනාවක් ඇතිවෙනවා. එතකොට ඉතින් සපත්තු දෙක ගත්ත මෝඩකම් කියලා තමයි හිතෙන්නේ. සපත්තුවක් දැම්මම කකුලේ කැපෙන තැන්වල Deodorant ටිකක් ගාන්න. අලුත් සපත්තු දෙක ගැන තියෙන තරහ ටිකක් අඩුවෙයි.

   කොන්ඩේ අවුල් වෙනවට

  සාමාන්‍යයෙන් වියලි කාලගුණයක් පොඩි හුළඟක් තියෙන දවසට එලියට බැස්සම කොච්චර හොඳට කොන්ඩේ පීරාගෙන ගියත් අවුල් වෙලා එහෙන් මෙහෙන් කෑලි පනිනවා. මේකට ඉතින් අපි කරන්නේ කොන්ඩේ හරියට සෙට් කරලා තියාගන්න hair spray ටිකක් ගහන එකනේ. Hair Spray එකක් නැති වෙලාවට ඔයා ළඟ තියෙන Deo එකෙන් ඔය වැඩේ ගොඩ දාගන්න පුළුවන් වග මතක තියාගන්න.