මේ දවස්වල කතාවෙන නිට්ටෑවෝ ගැන දැනගන්න කියවන්න

2019-02-27


   අපේ රටේ ජිවත් වුන පරණම ජන කොට්ඨාසය කවුද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ තමයි ආදී වාසින් එහෙම නැත්තම් වැදි ජනතාව කියන දේ. හැබැයි අපි නොදන්නා අතීතයක අපේ රටේ ජිවත් වුන එක ජීවින් කොටසක් 17 වන සියවසේදී වඳවෙලා ගිහින් තියෙනවා. මේ ජීවින් තිරිසන් සත්ත්ව විශේෂයක් කියලා හඳුන්වන්නත් බෑ මිනිස්සු කියලා හඳුන්වන්නත් බෑ. ඉතින් ඒ නිසා මේ ජීවින් අරුම පුදුම ජිවී විශේෂයක් කියලා කියන්න අපිට පුලුවන්.

මේ නිට්ටැවන් හරියට නොදියුණු ගෝත්‍රික කණ්ඩායමක් වගේ. කොහොම හරි මේ වෙද්දී මේ ජීවි විශේෂය සම්පුර්ණයෙන්ම වඳ වෙලා ගිහින් කියලා තමයි කියන්නේ. 17 වන 19 වන් සියවස් විතර වෙනකන් තමයි මේ ජීවීන් අපේ රටේ ඉඳලා තියෙන්නේ. මේ ජීවින් විනාස වෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ වැදිජනතාව කියලා තමයි මට දැනගන්න ලැබුනේ. මිනී මස් වගේම අමු මස් ආහාරයට ගන්න පුරුදු වෙච්ච දරුණු ජීවින් කොටසක් තමයි මේ නිට්ටෑවෝ කියලා කියන්නේ. දැන් ඔයා කල්පනා කරනවා ඇති මේ නිට්ටෑවෝ මොනවගේ පිරිසක්ද ඒ අයගේ පෙනුම කොයි වගේද කියලා.


   ඇත්තටම නිට්ටෑවන්ට දිග තියුණු නියපොතු තිබිලා තියෙනවා. ඒ හින්දම තමයි මේ ජීවීන්ට මේ නම ලැබිලා තියෙන්නේ. නිය + ඈයෝ නිට්ටෑවෝ වුනා කියලා තමයි ජනප්‍රවාද වල කියවෙන්නේ කොහොම වුනත් මේ ජිවින්ගේ ස්වරූපය මිනිස්සුන්ට යම්තමින් සමාන කමක් තිබුනට වානර වඳුරු ලක්ෂණ තමයි වැඩි හරියක් තිබිලා තියෙන්නේ. මේ අය අඩි 2 ත් 3ත් අතර උසකට තමයි වැඩිලා තියෙන්නේ. පෙනුමෙන් වඳුරන්ට සමාන වුනාට මේ ජීවීන්ට මිනිස්සුන්ට වගේ කෙලින් ඇවිදගෙන යන්න පුළුවන්කම තිබිලා තියෙනවා.

   කොහොම හරි මේ නිට්ටෑවොයි අපේ වැදි ජනතාවයි අතර පිරිමහගන්න බැරි වෛරයක් තිබිලා තියෙනවා. වැදි ජනතාව කැලෑවට ගිහින් දඩයම් කරද්දී මේ නිට්ටෑවන්ගේ දරුණු ප්‍රහාර වලට මුහුණ දීලා මිය යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රෑට වැදි ජනතාවගේ පැල්පත් වලට රිංගලා පුංචි වැදි පැටව් අල්ලගෙන ගිහින් කාලා දාලා තියෙනවා. ඉතින් මේ වද හිංසා ඉවසගන්න බැරි තැන මේ නිට්ටැවන්එක ගුහාවකට කොටු කරලා සමූලවශයෙන් පුච්චලා මරලා දාලා තියෙනවා. මේ හින්දා මේ ජිවීන් වඳ වෙලා ගියා කියලා තමයි ජනප්‍රවාද වල කියවෙන්නේ. හැබැයි අම්පාර , මොණරාගල ප්‍රදේශ වල තාමත් මේ සත්තු එකා දෙන්නා ජිවත් වෙනවා කියලා කටකතා නම් පැතිරෙනවා.



   ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් කියන විදියට මේ නිට්ටෑවෝ අපේ රටට එන්නේ රාම රාවණා ගැටුම සිද්ධ වෙච්ච කාලේ. හනුමාන්ගේ පිරිවර විදියට ආපු වානර හමුදාවෙන් ඉතිරි වුන කොටස තමයි මේ නිට්ටෑවෝ කියන්නේ කියලා තමයි එතුමා කියන්නේ. අවුරුදු දහස් ගානකට කලින් මේ වගේම ජීවින් පිරිසක් ඉන්දියාවේ ජිවත් වෙලා තියෙන නිසා මේ මතය සාර්ථක මතයක් වෙන්නත් පුළුවන්. 

   මේ ජීවින් නිසා අදටත් අපේ රටේ ගම්කිපයක් හඳුන්වන්න අපූරු නම් පාවිච්චි වෙනවා. නිට්ටෑ + අඹුව ජිවත් වුන ත් ප්‍රදේශය නිට්ටඹුව වගේම නිත්තෑවිල වගේ ගම්වලට නම් හැදිලා තියෙන්නේ මේ ජීවි විශේෂය නිසා කියලා තමයි කියවෙන්නේ.ඉතින් හිතලා බලන්න මේ වගේ අපේ රටේ අපිට මඟ හැරුන තැන් කොයිතරම් ඇද්ද? ඒවා නැත්තටම නැතිවෙලා යන්න නොදී ඔයාගේ දැනුමට මේ දේවල් එකතු කරන්නේ අපේ අනාගත පරම්පරාවට මේ දේවල් උරුම කරලා දෙන්න ඕන නිසා.

Owshi Senanayaka