මේ රූපයේ ඔබ තෝරාගන්න සත්වයා අනුව ඔබ ගැන දැනගන්න

2018-11-30


මේ රූපයේන් ඔබ තෝරාගත්ත සත්වයා අනුව ඔබේ මනස ක්‍රියාත්මක වෙන හැටි දැනගන්න.

සීබ්‍රා

   ඔබ ඉතාමත් විනෝදකාමී අයෙක් වගේම ප්‍රබල ආත්මාභිමානයක් ඇති අයෙක් වියයුතුයි.ඉතාමත් ක්‍රියාශීලිව වැඩකටයුතු කරන්නට පෙළබෙන අයෙකි. ඔබට හොඳ සන්නිවේදන හැකියාවක් පවතී. ඒ වගේම ඔබට ඔබව අනුගමනය කරන පිරිසක් ගොඩනගා ගත හැකියි. හැබැයි එකම දේ නැවත නැවත කිරීමේදී ඒ පිළිබඳව ඔබ තුල ඇති උනන්දුව අඩු වෙයි. ඔබට හැමවිටම අලුත් දෙයක් අවශ්‍යවෙනවා. එය යම් අලුත් පුද්ගලයෙක් මුණ ගැසීමක් හෝ අලුත් කටයුත්තක් ආරම්භ කිරීමක් විය හැකියි.

පුසා

   ඔබ අනෙක් අය සමඟ කතාවට යන්නේ අඩුවෙන්. අනෙක් ය හිතන්නේ ඔබ ලජ්ජාශීලි අයෙක් කියලයි. නමුත් ඔබ එසේ කරන්නේ ඔවුන් කතා කරන සහ හැසිරෙන විදිය අනුව ඔවුන්ව තේරුම් ගැනීමටයි. ඔබ වටා සිටින පුද්ගලයින් ඔබ ගැන සිතන විදිය ගැන ඔබ ගණන් ගන්නේ නැහැ වගේම  ඔබ ඔවුන් ගැන සිතන්නේ ද නැහැ. ඔබ හැමවිටම උත්සහ ගන්නේ ඔබේ වැඩකටයුතු තනිව සිදුකරගැනිමටයි. තවත් කෙනෙක් මත යැපෙන්න ඔබ කැමති නැහැ.

තාරාවා

   ඔබ හරිම සුක්ෂම විදියට හිතන පුද්ගලයෙක්. ඔබව කිසිම දේකින් වට්ටන්න පුළුවන් අයෙක් නෙමෙයි. ඔබ අඩක් වතුරෙන් පිරුණු වීදුරුවක් උනත් දකින්නේ වතුරෙන් පිරි ඉතිරි යන වීදුරුවක් ලෙසටයි. ඔබ ඒ තරම්ම ධනාත්මක හිතන පුද්ගලයෙක්. ඔබ හැමවිටම ජිවත් වෙන්නේ මේ මොහොතෙයි. විවිධ තැන් වලට යන්න, විවිධ දේවල් ඉගෙන ගන්න ඔබේ තියෙන උනන්දුව නම් කවදාවත් අවසන් වෙන්නේ නෑ.

කෝලා

   ඔබ ඉතාමත් නිවුණු පුද්ගලයෙක්. ඔබ හැමවිටම සන්සුන්ව සිටින පුද්ගලයෙක්.ඒ වගේම ඔබ ඉතාමත් කාරුණික, සංවේදී අනෙක් අය ගැන හිතන පුද්ගලයෙක් වියයුතුයි. ඔබ වැඩිය මිනිසුන් ගැවසෙන තැන්වල ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. ඔබ ඔබේ නිදහස් වෙලාව සුන්දර චිත්‍රපටයක් හෝ හොඳ පොතක් සමඟ ගෙවන්නයි කැමති. ඔබ ඉතාමත් පරාර්ථකාමී පුද්ගලයෙක් වෙන අතර අනෙක් අයගෙන් කිසිම දෙයක් අපේක්ෂා නොකරයි.

අලියා

   ඔබ ඉතාමත් අව්‍යාජ පුද්ගලයෙක්. ඔබ වටා සිටින පුද්ගලයින් ගැන ඔබ ඉතාමත් ගැබුරින් හොයා බලනවා. ඒ නිසාම ඔබේ පවුලේ අය, ඔබේ මිතුරන් ඔබ ගැන විශ්වාස කරන්නට පෙලබෙනවා. ඔවුන්ට උදව්වක් අවශ්‍ය වුන හැම වෙලාවකම ඔවුන් ඔබට කතා කරන්නේ ඒ නිසයි.ඕනේම ප්‍රශ්නෙකට විසඳුමක් ඔබ ළඟ තියෙන බවයි අනෙක් අයට හිතෙන්නේ මොකද ඔබ අනෙක් අයට හොඳ ඇහුම්කන් දෙන්නෙක් වගේම ඒ අයගෙ ප්‍රශ්න විසඳන්න හොඳ හැකියාවක් තියෙන අයෙක්. ඔබේ පවුල තමයි ඔබේ පලමු තැන වෙන්නේ.

වලසා

   ඔබ ඉතාමත් තාර්කිකව හිතන පුද්ගලයෙක් . ඒ වගේම සාම්ප්‍රදායිකයි. ඔබ ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න පෙලබෙන්නෙත් ඒ අනුවයි. ඔබ නිතිගරුකයි ඔබට හැමදේම නිවරදිවයි කරන්න ඕනේ. ඔබ කැමති නිහඬ පරිසරයක ඉන්නයි ඝෝෂාකාරී පරිසරවල රැදෙන්න ඔබ කැමති නැහැ. ඔබ වෙහෙස මහන්සියෙන් ඉතාමත් කැපවීමෙන් කටයුතු කරන පුද්ගලයෙක් නිසා එය අනෙක් පුදගලයින්ගේනුත් බලාපොරොත්තු වෙයි

ජිරාෆ්

   ඔබ ඉතාමත් නම්‍යශීලි පුද්ගලයෙක්. ඕනෙම කණ්ඩායමක් සමඟ කටයුතු කරන්න ක්ෂණිකව හැඩගැහෙන්න පුළුවන් හැකියාවක් ඔබ සතුව තියෙනවා. ඔබ පොළොවේ පය ගහලා ජීවත් වෙන පුද්ගලයෙක් නිසා ඔබත් සමඟ ඕනෑම අයෙකුට හොඳින් කතාබහ කල හැකියි. ඔබ අඟවන්නේ ඔබ කිසිම දේකින් දුකට පත්නොවෙන බව වුනත් ඔබ ඉතාමත් සන්වේදී අයෙක්. ඔබ ඔබේ මිතුරන් වෙනුවෙන් ඉතාම පක්ෂපාතිව කටයුතු කරන අතර ඔවුන්ගෙනුත් එයම බලාපොරොත්තු වෙයි.

ඌරා

   ඔබට තියෙන්නේ ඉතාම තියුණු මනසක්. ඔබට ඕනෙම වැඩක් තනියම කල හැකි ශක්තියක් තියෙනවා. ඔබට ඕනෙම දෙයක් ගැන එක තත්පරෙන් ගොඩක් දුර හිතිය හැකියි. ඒ නිසාම එය අනෙක් අයට පැහැදිලි කරන්න ඔබට හැකියාවක් නැහැ. ඔබට සුවිශේෂී මතකයක් හිමියි.පරීක්ෂණ කටයුතු වලදී ඔබේ බුද්ධියෙන් ඕනෙම දෙයක් විසඳිය හැකියි. කුඩා තොරතුරු ගැන උවත් ඔබ ඉතාමත් අවධානයෙන්.

හාවා

   ඔබ ඉතාමත් නිර්මාණශීලි අයෙක්. ඉවසිලිවන්තව සතුටු වෙන අයෙක් කිව්වොත් නිවැරදියි.ඔබ හැමවිටම අනෙක් පුද්ගලයන්ට සතුට සහ සිනහව ලංකර දෙන හින්දා හැමකෙනෙක්ම කැමතියි ඔබේ මිතුරෙක් වෙන්න.ඔබ තුල තියෙන මානුෂිය හැඟීම් හින්දා ඔබ වටා මිනිසුන් එකතු වෙන එක නවත්තන්න බැහැ.ඔබ ඉතාමත් කල්පනාකාරී වගේම සංවේදී පුද්ගලයෙක් වගේම අනෙක් අයගේ සිනහව දකින්න කැමති පුද්ගලයෙක්

සිංහයා

   ඔබ තුල උපතින්ම නායකත්ව ලක්ෂණ පිහිටා තියෙනවා. ඔබට පොදු අරමුණක් ඉටු කරගන්න අනෙක් අයව මෙහෙයවීමේ සහජ හැකියාවක් තියෙනවා. නමුත් ඇතැම් විට ඔබ තුල අධිපතිවාදී ගති ලක්ෂණ පෙන්නුම් කරන්න ඉඩ තියෙනවා. ඔබ කිසිඳු අභියෝගයකට බය නොවෙන පුද්ගලයෙක්. ඒ වගේම ඔබ ඔබට අභියෝග කරන පුද්ගලයින්ට කැමති ඔවුන් නිසා ඔබට ජයග්රාහකයෙන් වෙන්න අවස්තාව ලැබෙන නිසයි. ඔබ තරඟකාරීත්වය ප්‍රිය කරන පුද්ගලයෙක්.

බකමුනා

   ඔබ තනිව වැඩ කිරීමට කැමති ගැඹුරු චින්තනයක් හිමි පුද්ගලයෙක්. ඔබ සමාජ ගත වීමට වැඩි ප්‍රියතාවයක් නොදක්වයි. හැම දෙයක්ම නිසි සැලසුමකට අනුව කෙරෙනවට ඔබ කැමතියි. එසේ නොවෙන අවස්ථා වලදී ඔබ කෝප ගැන්වෙන අවස්ථාවන්ද පවතී. ඔබට හැමවිටම යමක් පරිපුර්ණව කරන්න වුවමනායි. ඒ වගේම එය අනෙක් ය තුල දකින්නත් ඔබ කැමතියි. ඔබ සමාජශීලි නොවන නමුත් ඔබේ හැකියාවන් සහ සහජ බුද්ධිය නිසා ඔයා වටා පිරිසක් එකතු වනු දැකිය හැකියි.