මී, කැරපොතු, මැසි , මදුරු කරදරෙන් ගැලවෙන්න ඕනෙද?

2019-05-29


 එදිනෙදා ගෙදර දොර වැඩ කටයුතු කරගෙන යද්දී අපිට කරදරයක්  වෙන කරදර කාරයින් කීප දෙනෙක්ව ඉවත් කරගන්න විදිහ ගැනයි අද මේ ලිපියෙන් ලියන්න යන්නේ. කැරපොත්තෝ , මීයෝ, කුබියෝ , මදුරුවෝ , මැස්සෝ මේ  කරදරකාර පුංචි ජීවින්ගෙන් කරදරෙන් පිඩාවට පත් වෙලා ඉන්න ඔයාට මේ ලිපිය හුඟක් වැදගත් වේවි.

   මදුරුවෝ

   මදුරුවෝ පුංචි වුනාට අපේ ජිවිත වලට ඇති කරන කරදරේ නම් සුළු පටු නෑ. ඩෙංගු මැලේරියා වගේ භයානක රෝග පවා බෝ කරන රෝග වාහකයෙක් නිසා මෙයාලගෙන් නම් අපි සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ. ඔයාගේ ගෙදර මදුරු කරදරෙන් බේරාගන්න ඕනේ නම් හවස් වෙද්දී පැඟිරි තෙල් ටිකක් තැන තැන ඉහගෙන යන්න. එහෙම නැත්තම් කජු ලෙලි , කොහොඹ කොළ , කට්ටකුමන්ජල් වගේ දේවල් පාවිච්චි කරලා දුම් ගස්සවන්න පුළුවන්නන් මදුරුවෝ රැඳෙන එක අඩු කරගන්න අපිට පුළුවන්.

   කැරපොත්තෝ

   කැරපොත්තෝ කියන සත්තු බෝවෙන්නේ අපි කුණු කසල හරියට බැහැර නොකලමයි. ඒ නිසා කැරපොතු කරදරෙන් බේරෙන්න ඕනේ නම් ඉස්සෙල්ලම ගෙදර කුණු කසල එකතු වෙන එක අවම කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ නම් ලෙමන් යුෂ පැඟිරි මිශ්‍ර නිෂ්පාදනයකින් ඔබේ කුස්සිය සහ නාන කාමරය පිරිසිදු කරගන්න පුළුවන් මොකද ඒ සුවඳට කැරපොත්තෝ පලාතකවත් ඉන්නේ නැති නිසා. ඒ වගේම පැඟිරි තෙල් ටිකක් ඉහින එකෙන් කැරපොත්තන් වැඩිපුර ගැවසෙන තැන් වල කුරුඳු කොළ ටිකක් පොඩි කරලා තියන එකෙන්  ඔයාට මේ කැරපොතු කරදරෙන් ගැලවෙන්න පුළුවන් වේවි.

   මැස්සෝ

   මැස්සෝ කියන්නේ ලේසියෙන් ගැලවෙන්න පුළුවන් සත්තු විශේෂයක් නෙමෙයි. ඔයාගේ ගෙදර සුවඳට තියාගන්න පුළුවන්නන් මැසි කරදරෙන් ගැලවෙන්න අපිට පුළුවන්. ගෙදර තැනින් තැන සුවඳ හඳුන්කුරු දැල්වීමෙන් , කුරුඳු තෙල් ටිකක් තැනින් තැන ඉහල තිබීමෙන් වගේම කොහොඹ තෙල් පහනක් දැල්වීමෙන් අපිට මේ මැස්සන් එලවා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාගේ ගෙදර කුස්සිය නිල් පාටින් වර්ණ ගැන්වීමෙන්  මැස්සන් උදාසීන කිරීම කරන්න පුළුවන්.

   මීයෝ

   මීයෝ ගෙදර බෝ වුනාම උන්ට ගෙදර දීලා අපි ගෙදරින් එලියට යන එක තමයි හොඳම දේ කියලා හිතෙන තරමටම කරදර කරන සත්තු ජාතියක්. ඔයාගේ ඇඳුම් ටික බේරගන්න නම් අල්මාරියට කපුරු බෝල ටිකක් දාන්නම වෙනවා. ඒ වගේම ගෙදර පුසෙක් ඇති කරන එකෙන්  මියෝ සදහටම ගෙදරින් ඉවත් කරන්න පුළුවන් වෙනවා මොකද පුසගේ හඬට මීයෝ බයවෙලා යන්න යන නිසා. නැත්තන් මී කුඩුවක් වගේ දෙයක් පාවිච්චි කරලා මියන්ව ජීවග්‍රහයෙන් අල්ලාගෙන කැලේකට ගිහින් අත අරින එකත් හොඳ විසඳුමක්.

   කුඹි

   කූඹී කියන්නේ මිනිස්සු වෙන අපිටත් ජීවිතේට හොඳ ආදර්ශ සපයන ජාතියක්. හැබැයි ඉතින් ගෙදර තියෙන කෑම බීමට සීනි බෝතලේට වැඩේ දෙද්දී නම් අපිට එයාලව කරදරයක් වෙනවා. කුබින්ගෙන් කෑම මෙසේ බේරගන්න නම් කකුල් හතරට වතුර භාජන 4ක් තියන්න අපිට පුළුවන්. ඒ වගේම ගෙදර ඇතුලට හොඳට ඉර එලිය වැටෙන්න සලස්වලා තියෙනවා නම් කුබි එන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්තම් වතුර එක්ක විනාකිරි කලවම් කරලා ඉහින එකෙන් කුබි එන එක පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම උණු වතුරට ලෙමන් හෝ දෙහි මිශ්‍ර කරලා ගෙයි බිම පිරිසිදු කිරීමෙන් කුබි කරදරෙන් ගැලවෙන්න පුළුවන්කම අපිට ලැබෙනවා.