ඔයාගේ Smart Phone එකේ Battery යත් ඉක්මනටම බහිනවද?

2019-01-28


   කාලෙත් එක්ක අපි ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලා කිව්වොත් හරියටම හරි. ඉතින් බැරිවෙලාවත් මේ phone එකේ බැටරිය බැස්සොත් දවසෙම වැඩ අවුල් වෙන තත්වයක් තමයි තියෙන්නේ. මේ කාලේ ඉතින් හුඟ දෙනෙක් පාවිච්චි කරන්නේ Smart Phone නේ. ඉතින් සාමාන්‍ය ජංගම දුරකතනයක වගේ නෙමෙයි මේවයේ ඉක්මනට බැටරි බහිනවා කියන එක අපි අත්දැකීමෙන් දන්නවා. ඒත් සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙනවට වඩා ඉක්මනට අපේ  දුරකතනයේ බැටරිය බැහලා. මේ ගැන කිව්වම හුඟ දෙනෙක් අපිට දෙන විසඳුම තමයි phone එකේ බැටරිය මාරු කරන්න කියන එක. හැබැයි ඉතින් Smart දුරකථන වල බැටරිය ඉක්මනට බහින්න හේතුව බැටරියේ දෝෂයක්ම කියලා හිතන එක වැරදියි.

   Bluetooth සහ GPS ක්‍රියාත්මක කරලා ඒ අවශ්‍යතාවය නිමා වුනාටත් පස්සේ සමහර වෙලාවට අපිට අමතක වෙලා Bluetooth සහ GPS ON වෙලා තිබුනොත් Smart Phone වල බැටරිය ඉක්මණට බහිනවා. 

   ඒ වගේම අන්තර්ජාලයට පිවිසීමට ඔබ අන්තර්ජාල සේවාව ලබාගන්නේ Mobile Data හරහා නම් WIFI භාවිතා කරන්නෙක්ට වඩා ඉක්මනට ඔබේ බැටරිය බහින්න ඉඩ තියෙනවා.

   දුරකථන ඇමතුම් දීර්ග වෙලාවක් ලබා ගන්නා කෙනෙක් නම් ඔබේ Smart Phone එකේ බැටරිය ඉක්මණින් බහින එකට Phone එක නිෂ්පාදනය කරපු ආයතනයට දොස් කියලා තේරුමක් නෑ. මොකද ගොඩක් වෙලා එක දිගට දුරකථන ඇමතුම් ලබා ගැනීමෙන් බැටරිය ඉක්මනට බහිනවා. පුළුවන් තරම් SMS වගේ සේවාවන් භාවිතා කිරීමෙන් මේ තත්වය අඩු කරගන්න පුළුවන්.

   ඒ වගේම ඔබ Selfie උන්මාදයෙන් පෙලෙන අයෙක් නම් ඔන්න නිතර නිතර Selfie සහ වෙනත් චායාරුප ලබා ගන්නවා නම් වීඩියෝ ගත කිරීම් කරනවා නම් එවිටත් ඔබේ දුරකතනයේ බැටරිය ඉක්මනින් බහිනවා කියලා මතක තියාගන්න.

   ඔබ ඔය මොන කටයුත්තක් වත් නොකර සිටියදීත් ඔබේ දුරකතනයේ බැටරිය ඉක්මනින් බහිනවා කියලා හිතෙනවා නම්, ඔබ රැඳී සිටින පරිසරයේ උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න අධික සිතල පරිසරයකදී වගේම අධික උණුසුම් පරිසරයකදිත් ජංගම දුරකථන බැටරිය බහින්න ඉඩ තියෙනවා.

   තවත් සමහරු Phone එකෙන් Games play කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් Phone එකෙන් නිතර නිතර Games play කරද්දීත් Smart Phone දුරකතනයට එය ටිකක් දරාගැනීමට අපහසු වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ දේවල් වලදී සිද්ද වෙන්නෙත් phone එකේ බැටරිය ඉක්මනින් නිවා යෑම සිදුවෙනවා.

   ඔබ භාවිතා කරන Apps වලින් නිතර නිතර notification ලැබෙනවා කියන්නේ ඔබ ඒ Apps භාවිතා නොකරන අවස්ථා වලදීත් එම Apps ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියන එකයි. ඒ නිසා එම APPS ක්‍රියාවිරහිත නොකළහොත් ඔබේ බැටරිය බහින එක නවත්තන්න අමාරුයි.

   ඉතින් මේ වගේ හුඟක් කාරනා නිසා ඔබේ දුරකතනයේ බැටරිය බහින්න ඉඩ තියෙනවා කියලා මතක තියාගන්න. නැත්තන් බැටරියේ දෝෂයක් කියලා අලුත් බැටරියක් දැම්මත් ඔයාට විසඳුමක් නොලැබේවි.