ඔයාට ඔයාවම විශ්වාස නෑනේද? ඔයාටත් මෙහෙම දේවල් වෙලා තියෙනවද බලන්න.

2018-08-27


අපිට අනිත් අය ගැන සැක හිතෙන එක සාධාරණයි. මොකද එයාලා කියන කරන දේවල් අපි දන්නේ නෑනේ. ඒත් තමන්ට තමන්වම සැක හිතෙන අවස්ථා වලට ඔයා මුණ දීලා තියෙනවද? ඔන්න අපි කියන්නන් අවස්ථා තුනක් . 

 දොර ලොක් කලාද නැද්ද?

 

 ගෙදරින් එලියට බැහැලා සෑහෙන දුරක් ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ දොර ලොක් කලේ නැද්ද කොහෙද කියලා. එහෙම නැත්තන් රෑට ඇඳට ගිහින් දෙතුන් සැරයක් කල්පනා කරනවා මම දොර හරියට වැහුවද නැද්ද කියලා. අයෙමත් ගිහින් බලලා ආවේ නැත්තන් රෑට නින්දක් නෑ ගමන ගිහිල්ලා තේරුමකුත් නෑ.

 අයන් එක off කලාද? කාමරේ ලයිට් එක දාලද ආවේ ?

ගමනක් යන අතර මැද්දේ එහෙම නැත්තන් වැඩට යන අතරතුරේදී ඔය ප්‍රශ්නේ wife ගෙන් හරි husband ගෙන් හරි අහලා බලන්නකෝ වෙන්නේ මොකද්ද කියලා. iron එක off කරන්න අමතක වෙලා කියලා හිතාගෙන දවසම රත්වෙලා ඉඳලා ගෙදර යන්නේ ගෙදරම අලුවෙලා ඇති කියන බයෙන්. කොහොම වුනත් මේක අපි හැමෝටම එක සැරයක් හරි වෙලා තියෙනවා.

 කාඩ් එක දාගත්තද?

සුපර් මාකට් එකෙන් බඩු අරගෙන අතින් කටින් බදු ටිකත් උස්සගෙන ඇවිත් වාහනේට දාගෙන ටික දුරක් එද්දී මතක් වෙනවා . කාඩ් එක ගත්තද නැද්ද කියලා ? වාහනේ අයිනෙකින් නවත්තලා පර්ස් එක බැලුවට පස්සේ වෙනදා ක්‍රෙඩිට් කාඩ් එක දාන තැන කාඩ් එක තියෙනවා දැක්කම තමයි හිතට සැනසීමක් එන්නේ. Atm එකකට ගිහින් සල්ලි ගත්තමත් ඔය වැඩේ අපිට වෙනවා. කාඩ් එක ATM එකෙන් ගත්තද සල්ලි නම් ගත්තා මතකයි ඒත් කාඩ් එක ගත්තද නැද්ද ? අම්මේ පපුව පිච්චෙන පිච්චිල්ලක්.

 ඔයා මුහුණ දීපු අවස්තාව Comment කරගෙන යන්න පහලින්.