ඔයත් කිල්ලට අහුවුන කෙනෙක්ද?

2018-10-30


   ඔයාට හිතෙනවද  පරණ දේවල් ගැන කතා කරන එක කාලය නාස්ති කරන දෙයක් කියලා.. මම කියනවට නෙමෙයි නිකමට මේ article එක කියවලා බලන්න. ඔයා නොදන්න හුඟක් රසවත් දේවල්  ඔයාට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ දේවල් ඔයාගේ ජීව්තේට වටින අවස්ථාත් තියෙයි.

   අද මම ඔයාට කියන්න හදන්නේ කිලි ඇතිවීම කියන පැරැන්නන්ගේ සංකල්පය ගැන. කෙනෙක් මළ ගෙදරක ගිහින් එද්දී අපි කියනවා කිල්ලට අහුවෙලයි ඉන්නේ කියලා. ඒ වගෙම ගෑණු දරුවෙක් වැඩිවියට පත් වුනාමත් පවුලේ අය කිල්ලට අහුවුනා කියලා කියන කතා ඔයා ඕනෑ තරම් අහලා ඇති. නිකමට හිතලා බැලුවද මේ කිල්ලට අහුවීම එහෙම නැතිනම් කිලිකුණු ඇතිවීම යනුවෙන් හඳුන්වන්නේ මොකද්ද කියලා.

   කිලි කුණු ඇතිවීම කියලා කියන්නේ අපිරිසිදු වූ බවයි. කිලි ඇතිවීමේ ප්‍රධාන අවස්ථා 6ක් ගැන පැරැන්නන් කතා බහ කරනවා, එයින් අවස්ථා තුනක් මහ කිලි  ලෙසත් ඉතිරි අවස්ථා සුළු කිලි අවස්ථා ලෙසත් හඳුන්වනවා. මහකිලි අවස්ථාවකට හසුවුන අයෙක්ට එයින් නිදහස් වෙන්න මාස තුනක් ගත වෙන බවත් සුළු කිල්ලකට හසුවූ අයෙක්ට වරු තුනක් ගත වුනාට පසුව ඉන් නිදහස් විය හැකි බවටත් අපේ පැරැන්නෝ විශ්වාස කරනවා.

   මහ කිල්ලට හසුවිය හැකි අවස්ථා

   මළගේ කිල්ල  -   පවුලේ ලේ ඥාතියකුගේ මරණයක් සිදුවීම
   කොටහළු කිල්ල  -  පවුලේ ලේඥාති දියණියකගේ වැඩිවියපත්වීම හෙවත් පළමු ඔසප්වීම
   වැදුම්ගේ කිල්ල  -  පවුලට අලුතින් දරුවෙක් ඉපදීම

   සුළු කිල්ලකට හසුවිය හැකි අවස්ථා

   මාස් සුද්දිය  -  නිවසේ කාන්තාවක ඕසප්වීම
   කිලි ගෙදරකට ගොඩ වැදීම  -  මහ කිල්ලක් ඇතිවුන නිවසකට යාම මෙලෙස හඳුන්වයි
   මස් මාළු කෑම  -  පිලි සහිත ආහර වේලක් ලබා ගැනීමද සුලු කිල්ලකට හසුවිමකි

   මල ගෙදරකට ගිහින් ආවම එකපාරටම ගේ ඇතුලට යන පුරුද්දක් සිංහල අපේ ජන සිරිත් ඇතුලේ තිබ්බේ නෑ. ඒ වගෙම දරුවෙක් ඉපදුනාම එහෙම නැතිනම් ගෑණු ළමයෙක් වැඩිවියට පත්වුනාම මාස තුනක් ගත වෙනකම් පන්සලකටවත් දේවාලයකටවත් ගියේ නෑ. එහෙම වුනොත් කිල්ලය අහුවෙනවා කියලයි කිව්වේ.


   මළ ගෙයක් මරණ ගෙයක් කියලා කියන්නේ විෂබීජ බහුලව තියෙන තැනක් මල ගෙදරක පොල්තෙල් පහණක් දල්වන්නෙත් විෂබීජ විනාස කරන්න. ඒ වගේම මල ගෙදරක දොරවල් ජනෙල් වහන්නේ නෑ කියලා ඔයා දැකලා ඇති. ඒකට හේතුව විදියට කියන්නේ නම් එහෙම වැහුවොත් මැරුණු පුද්ගලයා ඇවිත් කරදර කරනවා කියලයි. හැබැයි විද්‍යාත්මක හේතුව මීට වඩා ටිකක් වෙනස්ජනෙල් දොරවල් ඇරලා තියෙන හින්දා ගේ ඇතුළත විෂබීජ එකතු වෙන එක නවතිනවා. ඔය විදිහට බැලුවම අපේ පරණ ජන විශ්වාස වල යම්කිසි සත්‍යතාවයක් තියෙනවා කියලා ඔයාට දැනෙනවා නේද? මරණ ගෙදරකට ගිහින් එන කෙනෙක් කිල්ලකට අහුවෙලයි එන්නේ. ඒ නිසා කෙලින්ම ගෙට එන්නේ නැතුව ඇඟ පත හෝදගෙනයි එන්නේ. මේ විදියට කරන්නේ නිවසට විෂබීජ ඇතුළු වෙන එක වලක්වන්නයි.
   

   කිල්ලකට හසුවීම ගැන කතාබහ කරන තවත් අවස්ථාවක් තමයි. දරුවෙක් ඉපදීම . දරුවෙක් ඉපදිලා මාස තුනක් ගෙවෙනකන් පන්සල් වලට දේවාල වලට ගෙනියන්න එපා කිල්ලට අහුවෙනවා කියලා කියනවා සමහරවිට ඔයා අහල ඇති.නිකමට හිතලා බැලුවද ඒ ඇයි කියලා? පන්සල් දේවාල බිම් කියලා කියන්නේ අධිකව මිනිස්සු ගැවසෙන තැන් ඉතින් ඒ වගේ තැනකදි පුන්චි දරුවෙක්ට ලෙඩ රෝග ඇතිවෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතින් මේ කරදර වලින් දරුවව බේරගන්න තමයි. කිල්ලට අහුවෙනවා කියලා ආකල්පයක් එහෙම නැතිනම් Attitude එකක් මිනිස්සු අතර ඇති කරලා තියෙන්නේ.

   සිංහල ජන සමාජය ඇතුලේ කිල්ලකට අහුවීම ගැන කතා කරන තවත් අවස්ථාවක් තමයි ගැහැණු දරුවෙකු වැඩිවිය පැමිණීම කියලා කියන්නේ. මේ අවස්ථාවේදි ගෙදර ඉන්න සියලුම දෙනා ඒ කිල්ලට අහුවෙනවා කියලා කියනවා. සිංහල සිරිත් විරිත් වලට අනුව ගැහැණු දරුවෙක් වැඩිවියට පත් වුනාම නැකැත් දවස උදාවෙනකන් දවස් ගානක් ගෙදර ඇතුලටම වෙලා ඉන්න සිද්ධ වෙනවා. බැරිවෙලාවත් මේ දරුවට ලෙඩක් දුකක් හැදුනොත් අර සිරිත් විරිත් හරියට කරගන්න බැරිවෙයි කියලා බයක් වඩිහිටියන්ට තිබිලා තියෙනවා.

   ඉතින් ලෙඩ රෝග වලින් ඒ ගැහැණු දරුවව බේරගන්න නම් නිවසට විෂබීජ ඇතුලු නොවී නිවස පිරිසිදුව තියාගන්න වෙනවා. කිල්ලට අහු නොවී ඉන්න නම් සෙනග ගැවසෙන තැන් වලට යන්න පවුලේ අයට තහනම් වුනා. ඉතින් මේ වගේ වටින ආකල්ප ඇයි අපි කාලෙත් එක්ක නැති වෙලා යන්න ඉඩ දෙන්නේ.

   ඖෂන්ගි ගායනා සේනානායක