පාපන්දු ලෝක කුසලානය ගැන කියවලා දැනගමුද?

2018-06-28


මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා කරන්නේ foot ball ගැන. ඒත් අපි ඒ ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. එහෙම කියලා බෑ මේ ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි. 21 වෙනි වතාවට පැවැත්වෙන ෆිෆා තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ රුසියාවේදී. 2018 අවුරුද්දේ ජුනි 14 වෙනිදා තමයි මේ පාර තරඟ පටන් ගත්තේ කොහොම වුනත් මේ තරඟාවලියේ අවසන් තරඟය ජුලි 15 වෙනිදා පැවැත්වේවි. රටවල් 32 ක කණ්ඩයාම් සහභාගී වෙන මෙම තරඟාවලියේ තරඟ නගර 11 ක ක්‍රීඩාංගණ 12 ක පවත්වන්න නියමිතයි.

1958 අවුරුද්දේ ඉඳලම ලෝක කුසලාන තරඟ වලට සහභාගී වුන ඉතාලිය මෙවර තරඟාවලියට සුදුසුකම් ලබා නැති වීම් විශේෂත්වයක් වෙනවා. ඒ වගේම මෙම තරඟාවලියට මෙවර අලුතින්ම එක්වුන කණ්ඩායම් වන්නේ අයිස්ලන්තය සහ පැනමාවයි. ලෝක ජනගහනයෙන් සියයට හතළිස් හයක් එනම් බිලියන 3.2ක ජනතාව විනාඩියකට වැඩි කාලයක් පාපන්දු තරගයක් නැරඹීමට ගතකිරීම නිසා එය ලොකේ වැඩිම පිරිසක් නරඹන ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්ව තිබෙනවා. පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහී රටට ඇමෙරිකානු ඩොලර් මිලියන තිස්පහක් හිමිවෙනවා. එතකොට  දෙවන ස්ථානයට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් මිලියන විසිපහක්. ඒ වගේම තරඟාවලියට ඉදිරිපත් වන හැම  රටකටම මිලියන ගණනින් මුදල් හිමිවෙනවා.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ හරිම රසවත් සිදුවීම් සිදුවෙනවා. ජර්මනිය කියන්නේ ෆිෆා ශේණිගත කිරීම් වල අංක එකේ පසුවන කණ්ඩායම්. 2014 අවුරුද්දේ ලෝක ශුරයින් වන්නේත් ජරමනියයි. හැබැයි මේ අවුරුද්දේ ජර්මනිය දකුණු කොරියාවත් එක්ක තිබුන තරඟයෙන් පරාද වෙලා පළමු වටයෙන්ම ඉවත් වෙලා යනවා. මෙහෙම දෙයක් සිද්ද වුන පලවෙනි වතාව මේක නෙමෙයි.

1998 දී ලෝක කුසලානය දිනපු ප්‍රංශය 2002 පළමු වටයෙන්ම ඉවත්වෙලා යනවා. ඒ වගේම 2006 දී ලෝක කුසලානය දිනපු ඉතාලිය 2010 දී පළමු වටයෙන්ම ඉවත්වෙනවා. 2010 දී ලෝක කුසලානය දිනපු ස්පාඥය 2014 දී පළමු වටයෙන්ම ඉවත් වෙනවා. 2014 දී ලෝක කුසලානය දිනපු ජර්මනිය මේ අවුරුද්දේ පලවෙනි වටයෙන්ම ගෙදර යනවා. මෙවර තරඟාවලියේ ජනප්‍රිය ක්‍රීඩකයින් විදියට පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කරන රොනාල්ඩෝ ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කරන ලයනල් මෙසී හඳුන්වන්න පුළුවන්. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුල වැඩිම වාර ගණනක් ලෝක කුසලානය දිනාගත් රට වෙන්නේ බ්‍රසීලයයි.