සනිධප සංගීත කණ්ඩායම ඉතාලියේදී මුහුණ දුන්න අනතුර

2019-10-29


   සනිධප සංගීත කණ්ඩායම කියන්නේ අපේ රටේ හුඟ දෙනෙක් ආදරේ කරන දක්ෂ සංගීත කණ්ඩායමක්. විදෙස් සංචාරයක යෙදී සිටියදී මෙම කණ්ඩායමේ සාමාජිකයින් කීපදෙනෙක් අනතුරකට මුහුණ පා ඇති බව කියවෙන ඡයාරුප සහ වීඩියෝවක් අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවතිනවා. මේ ගැන අදහස් දක්වමින් එම කණ්ඩායමේ නායක ශාන් ඩයස් පවසන්නේ සනිධප සංගීත කණ්ඩායමේ කීපදෙනෙක් සංගීත සංදර්ශනයකට සහභාගී වීමෙන් අනතුරුව ඉතාලියේ වෙරෝනා බලා පිටත්ව යන අවස්ථාවේ මේ අනතුරට මුහුණ පා ඇති බවයි. කෙසේ වෙතත් මේ අනතුරින් කණ්ඩායමේ කිසිඳු සාමාජිකයෙකුට දරුණු තුවාල තත්වයක් ඇති වී නැති බවත් අසත්‍ය ප්‍රචාර වලට රැවටිලා කලබල නොවී සිටින ලෙසටත් ශාන් ඩයස් මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් එක්කරමින් තමන්ගේ රසිකයින් දැනුවත් කර තිබෙනවා.