අනාවැකි කියපු බුවල්ලො දෙන්නෙක්ට වෙනස් ඉරණම් දෙකක්

2018-07-04


2010 අවුරුද්දේ පාපන්දු ලෝක කුසලානය දවස් වල අනාවැකි පළකරපු “පෝල්” නමින් හඳුන්වපු බුවල්ලා මතකද? එයා හිටියේ ජර්මනියේ . පාපන්දු කුසලානයේ ජයග්‍රහණය කරන කණ්ඩායම් ගැන පෝල් ගෙන් සාර්ථක අනාවැකි 8 පළවුනා. මේ නිසාම මේ බුවල්ලා ලෝකය පුරා ජනප්‍රිය වුනා. හැබැයි 2012 අවුරුද්දේදී ජර්මනියේ මින් මැදුරක් තුලදී පෝල් ජිවිතයෙන් සමුගත්තා. කොහොම වුනත් මේ සත්වයා වෙනුවෙන් ඔවුන් සමරු පාලකයක් පවා ඉදි කරන්නට තරම් කාරුණික වෙලා තිබුනා.

 

පෝල් වෙනුවෙන් ඉදිවුන සමරුව

මේ අවුරුද්දෙදිත් අනාවැකි පලකරන බුවල්ලෙක් ගැන වාර්තා වුනා . හැබැයි ඒ ජරමනියෙන් නෙමෙයි ජපානයෙන්. මෙයාගේ නම රේබියෝ. මේ යෝධ පැසිෆික් බූවල්ලා කොලොම්බියාවට එරෙහිව ජපාන පාපන්දු කණ්ඩායම ලැබූ ජයග්‍රහණය වගේම, ජල තටාකයේ විවිධ ස්ථානවලට පිහිනමින්  සෙනෙගාලය සමග පැවති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වන බවට ද අනාවැකි පළ කර තිබුණා. මේ නිසා රේබියෝට යම්කිසි අධ්‍යාත්මික බලයක් තියෙනවා කියලා ලෝක ජනතාව විශ්වාස කළා.

 

මේ ඉන්නේ රේබියෝ

හැබැයි මොනතරම් අනාවැකි කිව්වත් පෝල්ට වගේ සතුටුදායක අවසානයක් රෙබියෝට නම් ලැබුනේ නෑ. රෙබියෝව අල්ල ගත්ත ධීවරයා කිව්වේ අනාවැකි පළකිරීමෙන් ලැබෙන ජනප්‍රියත්වයට වඩා ආහාර සඳහා විකුනලා තමන්ට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් කියලයි. මේ වෙද්දී රේබියෝව මරණයට පත් කරලා “සෂිමි” කියන ආහාර වර්ගය දැනටමත් හදලා ඉවරයි.