අවුරුදු 2 පුංචි දියණිය අතින් මියගිය මව

2019-09-19


   මෙය ඇත්තටම අවාසනාවන්ත සිදුවීමක්. මේ සිදුවීමට මුහුණ දුන්නේ Yulia Sharko නම් වූ 21 ක් හැවිරිදි දෙදරු මවක්. තමන්ගේ පවුලේ වාහන තුල සිටි තමන්ගේ සිඟිති දියණිය රථයේ කවුළුව තුලින් පිටතට ගැනීමට යාමේදී අවුරුදු 2 ක් වයසැති මේ සිඟිති දියණිය අතින් සිදුවූ අත්වැරද්දක් හේතුවෙන් මෙලොව අතහැර යන්නට ඇයට සිදුවුනා.  මව දරුවාව ගන්න වාහන තුලට එබෙන අතර තුරේදී පුංචි දියණිය අතින් රථයේ කවුළුව වැසෙන ස්වයංක්‍රිය ස්විචය එබී තිබෙනවා. ඒ නිසා කවුළුවේ වීදුරුවත් දොරත් අතරට බෙල්ල හිරවීමෙන් මේ මව සිහිසුන් වෙලා. ඇගේ සැමියා ඇයව සොයාගන්නා විටත් ඇය සිට ඇත්තේ සිහිසුන්වයි. ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමුකළ ඇය දින 8ක් තිස්සේ මරණයත් සමඟින් කල සටනින් පරාජයට පත් වෙලා තිබුනේ හුස්ම හිරවීමෙන් මොළයට සිදුවූ බරපතල හානි හේතුවෙනුයි.