Charley's Angels තුලින් නැවතත් ක්‍රිස්ටීන් දකින්න

2019-07-22


   ක්‍රිස්ටීන් ස්ටුවර්ට් මෙහෙම කියනවට වඩා Twilight එකේ කෙල්ල කිව්වම මං හිතන්නේ ලංකාවේ හුඟ දෙනෙක් දන්නවා. 1999 දී ටෙලි නාට්‍යය රංගන ශිල්පිනියක් විදියට තමන්ගේ ගමන පටන් ගත්ත ඇය තමන්ගේ පලවෙනි චිත්‍රපටයට එකතු වෙන්නේ 2000 වසරේදී. 2004 වසර වනවිට හොලිවුඩයේ නම ගිය රංගන ශිල්පිනියක් වුනු ඇය තව තවත් ජනප්‍රියත්වයට පත්වුණේ 2008 වසරේ තිරගත වුන Twilight සිනමා පට හරහායි. 

   ඇයගේ නවතම සිනමා නිර්මාණය වන්නේ හොලිවුඩයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපට මාලාවක් වූ Charley's Angels වේ. Charley's Angel මෙම වසරේදී නවතම මුහුණුවරකින් මෙම වසරේ නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ජනප්‍රිය ඇමරිකානු ගායිකාවක් සහ රංගන ශ්ලිපිනියක් වන එලිසබෙත් බැන්ක්ස් මෙම චිත්‍රපටයට අධ්‍යක්ෂණය කරන අතර මෙහි චරිතයක්ද නිරුපණය කරයි.