චීනය පුරා පැතිර යන කොරෝනා වයිරසය

2020-01-24


   චීනයේ වුහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ඇරඹු අලුත්ම කොරෝනා වෛරසය මේවනවිට 800 කට අධික පිරිසකටත් තායිවානය , තායිලන්තය , දකුණු කොරියාව , ජපානය , සිංගප්පුරුව මෙන්ම  එකසත් ජනපදය ඇතුළු රටවල් 7 ක ටත් පැතිරී ඇති බවට වාර්තා වෙනවා. පහුගිය කාලයේ රටවල් අතර පැතිර ගිය සාර්ස් වෛරසය ඔබට මතක ඇති , වෛද්‍ය වරුන් පවසන්නේ එම සාර්ස් වෛරසය වාර්තා වූ මුල් මාස තුන ඇතුලත වයිරසයේ ප්‍රබලත්වය වැඩි වුවා සේම මෙම කොරෝනා වෛරසයේ ප්‍රබලත්වයත් ඉදිරි මාස කිහිපය තුල වැඩිවිය හැකි බවයි. මේ වනවිට මෙම කොරෝනා වෛරසය පැතිර යාම වලකිවීමේ පියවරක් ලෙස වුහාන් නගරය ඇතුළු නගර කිහිපයක් වසා දමා ඇති අතර එහි මිලියන 20 ක පමණ ජනතාවක් ජීවත්වෙනවා. තවමත් කිසිඳු ප්‍රතිකාරයක් හොයාගෙන නැති මෙම වෛරසය හේතුවෙන් ඉදිරි මාස තුනක කාලය තුල මේ නගර තුල වෙසෙන ජනතාව අතරින් බොහොමයක් මියයාමට ද ඉඩ ඇති බවට පැවසෙනවා. කෙසේනමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවස්සන්නේ මෙය චීනය තුල ඇති වී තිබෙන  ප්‍රබල සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇති නමුත් මෙය තාමත් ලෝක සෞඛ්‍ය ගැටළුවක් බවට පත් වී නැතිබවයි. ඒ වගේම ඔවුන් පවසන්නේ මෙම වයිරසයේ හැසිරීම හෝ එය වලක්වා ගැනීමට කල හැකි පියවර මොනවාදැයි තාමත් තමන් නොදන්නා බවයි. කෙසේ වෙතත් දැනට මේ රෝගයෙන් මියගිය බහුතරයක් දෙනා දියවැඩියාව හදවත් රෝග වලින් පිඩා විඳිමින් සිටි අය බවද හඳුනා ගෙන තිබෙනවා . කොරෝනා වෛරසය නිසා රෝගී තත්වයට පත්වූවන් සතුව ඇති රෝග ලක්ෂණ විදියට උණ , කැස්ස,  කෙටි හුස්ම හා හුස්ම ගැනීමේ අපහසුතා හඳුනාගෙන තිබෙනවා. ලෝකය පුරා ඇති විද්‍යාගාර තුල මේ වනවිට මෙම වෛරසය මැඩපැවැත්වීම සඳහා ප්‍රතිකාරයක් සොයමින් සිටින බවට වාර්තා වෙනවා. මුහුදු ආහාර විකුණන වෙළඳපොළක් මුලික කොටගෙන මෙම වෛරසය පැතිරීම ආරම්භ වී ඇති බව සැලකෙන අතර කිසියම් සත්ව ආහාරයක් මඟින් මෙය මිනිසාට ඇතුළුවන්නට ඇති බවටද පිළිගැනෙනවා. නමුත් ඒ සත්ව විශේෂය කවරෙක්දැයි හරියටම හඳුනාගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.