දේශපාලන දැන්වීම් ප්‍රතික්ෂේප කිරීමට Facebook පහසුකමක්

2020-06-17


   පසුගිය කාලයේදී ව්‍යාජ තොරතුරු රැගත් දේශපාලන දැන්වීම් ප්‍රචාරණය සම්බන්ධයෙන් Facebook ආයතනයට චෝදනා එල්ල වුනා. දේශපාලන දැන්වීම් තමන්ට නොපෙනෙන පරිදි සැකසීමට හැකි පහසුකමක් (option)  හඳුන්වා දීමට ඉදිරි මස තුලදී කටයුතු කරන බව Facebook නිර්මාතෘ Mark Zuckerberg පවසනවා. Facebook හි මෙන්ම Instagram හිද මෙම පහසුකම ඉදිරියේදී එක්කෙරෙනු ඇති. USA හි 2020 දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගනිමින් පරිශීලකයන්ගේ පහසුව උදෙසා මෙම පහසුකම එක්කිරීමට තමන් තීරණය කල බවයි Facebook නිර්මාතෘ  තවදුරටත් පවසා ඇත්තේ.

   කෙසේ වෙතත් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී තවත් ජනප්‍රිය සමාජ ජාලවක් ට්විටර් සමාජ මාධ්‍ය දේශපාලන දැන්වීම් ප්‍රචාරය කිරීම නවතා දැමීම සිදුව තිබෙනවා.