දිනකට යුවාන් 2 කින් ජිවීතය ගෙවූ චීන සිසුවිය

2019-11-03


   වූ හුවායන් කියන්නේ අවුරුදු 24 ක තරුණියක්. නමුත් ඇය දිහා බලන කිසිවෙකුට ඇය වයස අවුරුදු 24 ක තරුණියක් බව හිතා ගන්නට බැරි තරම්. එයට හේතුව ඇය අතිශයින් මන්ද පෝෂණ තත්වයකට ගොදුරු වී තිබීමයි. ඇයගේ උස අඩි 4 අඟල් 5 යි. බර කිලෝග්‍රෑම් 20 යි. ඇය පහුගිය ඔක්තෝබර් මාසයේ රෝහලට පැමිණ ඇත්තේ හුස්ම ගැනීමේ අපහසුවක් හේතුවෙන්. වසර 5 ක් තිස්සේ ඉතාමත් සුළුවෙන් ආහාර ලබා ගැනීම නිසා හෘදය සහ වකුගඩු ආශ්‍රිත රෝග තත්වයක් ඇති වී තිබෙන බව වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබෙනවා.  වූ හුවායන්ගේ ගේ මව ඇයට වයස අවුරුදු 4 ක් වෙද්දී මියගිහින් ඇය පාසල් යන වයසට එද්දී ඇයට ඇගේ පියාවත් අහිමි වී තිබෙනවා. ඉන්පසුව ඇයත් ඇගේ සොහොයුරාවත් රැක බලාගෙන තියෙන්නේ  ඇගේ අත්තම්මා විසින්. පසුකාලෙක ඔවුන්ගේ මමා සහා නැන්දා කෙනෙකු මේ දෙදෙනාට යුවාන් 300 ක මුදලක් මාස්පතා ලබා දීමට කටයුතු කර තිබුනත් ඒ මුදලිනුත් වැඩි කොටසක් වැය වෙලා තියෙන්නේ මානසික රෝගී තත්වයකින් පීඩා විඳින ඇගේ සොහොයුරාගේ බෙහෙත් සඳහායි.  මේ තත්වය මත ඇයට දිනකට තමන්ගේ ආහාර සඳහා වැය කරන්න සිදුව තිබුනේ යුවාන් 2 ක මුදලක් නිසා ඇය බොහෝ අවස්ථා වල මිරිස් සමඟ බත් ආහාර යට ගෙන තිබුනා. කෙසේවෙතත් ඇය පිළිබඳව පුවත් පළවීමත් සමඟ චීනයේ දානපතියන් විසින් යුවාන් මිලියනයකට ආසන්න මුදලක් පරිත්‍යාග කොට තිබෙන බව කියවෙනවා. මෙහිදී සඳහන් කල යුතු විශේෂම කාරණය වන්නේ මෙතරම් ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවත් ඇය තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට තරම් ශක්තිමත් මනසිකින් යුක්ත වීමයි.