ගසක් මැද අවසන් හුස්ම ගිය සුනඛයා stuckie

2019-11-25


   එක්සත් ජනපදයේ ජෝජියා ප්‍රාන්තයේ ගස් කපමින් සිටිය පුද්ගලයින් පිරිසකට අරුම පුදුම සිදුවීමක් දකින්න ලැබෙනවා. ඇත්තටම මෙය සිත් කම්පා කරවන සිදුවීමක්. කපා හෙලූ ඔක් ගසක් මධ්‍යයේ මමිකරණයට ලක්වුණු සුනඛයෙක්ව තමයි ඔවුන්ට මෙලෙස දකින්නට ලැබෙන්නේ.

   කොහොමද මේ විදියට සුනඛයෙක් ගසක් මැද්දේ හිරවුණේ. අපේ හිතට නැගෙන පලවෙනි ප්‍රශ්නය තමයි ඒ. වසර 50 කට විතර එහා කලෙකදී මේ සුනඛයා ලේනෙකු හෝ ඉතා කුඩා සතෙකු පිටිපස පන්නගෙන ගිහින් කසේ තිබුන සිදුරකින් ගස තුලට ඇතුළු වී තිබෙනවා. කඳ තුල තියෙන බෙනය දිගේ උඩට නැගාගෙන යද්දී මේ සුනඛයා ඒ තුල හිරවෙලා. කෑම බීම කිසිවක් නැතුව මේ සත්වයා මිය යන්න ඇති. සොයාගෙන තියෙන කරුණු අනුව සිදු වී ඇතැයි විශ්වාස කරන සිදුවීම තමයි ඒ.

   චෙස්නට් ඕක් ගස මධ්‍යයේ ඇති වියළි ස්වභාවය මේ සත්වයාගේ සිරුර කුණු නොවී පවතින්නට හේතුවක් වී ඇති අතර එම ගසෙන් ශ්‍රාවය වුන ටැනික් අම්ලය තෙතමනය අවශෝෂණය කරගැනීම නිසා මෙම සත්වයාගේ සිරුර මමිකරණයට ලක්ව නිරුපද්‍රිතව පැවතිලා තියෙනවා.

   දැනට ජෝර්ජියාවේ waycross කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කර ඇති මේම සත්වයාව හඳුන්වන්නේ stuckie යන නමිනුයි.