ගුවන් යානයක් පැදවූ අම්මයි දුවයි

2019-03-28


   ලෝකයේ ගුවන් නියමුවන් රැසක් හිටියත් ගුවන් නියමුවරියන් සිටින්නේ ඉතාමත් අඩු පිරිසක්. ඒ නිසාම පසුගියදාක ට්ව්ටර් හි පළවූ පින්තුරයක් කෙරෙහි හැමෝගෙම අවධානය යොමු වුනා. එම චායාරුපයේ සිටියේ මව සහ ඇගේ දියණියයි. එහි විශේෂත්වය වුනේ මේ මව සහ දියණිය යන දෙදෙනාම ගුවන් නියමුවරියන් ලෙස පෙනිසිටිමයි. මෙය නිරුපණයක් නොවෙයි. ඩෙල්ටා ගුවන් සේවයට අයත් ඇමරිකානු ගුවන් යානයක් ගුවන් ගත කිරීමට මත්තෙන් මේ චායාරුපය ගෙන තිබුනා. මෙහි ප්‍රධාන නියමුවරිය විදියට වෙන්ඩි රෙක්සන් සහ සහයක නියමුවරිය ලෙසට ඇගේ දියණිය කෙලී රෙක්සන් කටයුතු කර තිබුණා. මොවුන් දෙදෙනා එක්වී පියාසර කර ඇත්තේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට අට්ලන්ටාවේ ජෝර්ජියා තෙක් බවයි කියවෙන්නේ.