හඳේ බීජයක් පැලවෙලා

2019-01-21


   මිනිසා පළමුවෙන්ම සඳ තරණය කලේ 1969 අවුරුද්දේ දිය. එය මිනිසා ලබපු විශාල ජයග්‍රහණයක් බවට පත්වුනා. වැඩි කතා බහට ලක් නොවුනත් මේ මෑතකදී ඒ හා සමාන ජයග්‍රහණයක් හිමි කරගන්න මිනිසා සමත්ව තිබෙනවා. චීනය විසින් දියත් කරනු ලැබූ Chang e 4 මෙහෙයුම මඟින් චන්ද්‍රයා වෙතට යවපු බීජ චන්ද්‍රයා මතදී ප්‍රරෝහණය වී තිබෙනවා.

දැනගන්න ලැබෙන විදියට හඳ මත ජෛවීය ද්‍රව්‍යයක් වැඩුණු ප්‍රථම අවස්තාව මෙයලු. මේ මෙහෙයුමේදී සඳ මතට කපු, අර්තාපල් , යීස්ට් සහ ගෙමැස් බිත්තර අඩංගු පස් සාම්පල රැගෙන ගොස් ඇති අතර අනෙක් සියල්ල අසාර්ථක වෙද්දී කපු බීජ පමණක් මෙසේ ප්‍රරෝහණය වී තිබෙනවා. හැබැයි මේ ශාකය වැඩුණු ශාකයක් බවට පත්වෙනවා දකින්නට හීන මැවූ සියල්ලන්ගේම බලාපොරොත්තු මේ වනවිට බිඳ වැටිලා.ප්‍රරෝහණය වුන ශාකය රාත්‍රී කාලයේදී සඳ මත පවතින දැඩි සීතල හේතුවෙන් දින දෙකක් ගතවනවිට මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් පෘතුවියට සාපේක්ෂව අඩු ගුරුත්වයක් තියෙන චන්ද්‍රයා මත සාර්ථකව බීජ ප්‍රරෝහණය කීරීමට ලැබීමම ලොකු ජයග්‍රහණයක් බවයි විද්‍යාඥයින් පවසන්නේ.