ජෝජ් බුෂ් බැරක් ඔබාමාගේ බිරිඳට මොනවද දීලා

2018-09-17


හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් මහතා  හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතාගේ බිරිඳට යමක් ලබා දෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා හුවමාරුවෙමින් කතාබහට ලක්වෙමින් තිබෙනවා. මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ හිටපු ඇමරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන් ගේ අවමංගල්‍ය උත්සවයෙදියි. 

කෙසේවෙතත් දැනගන්න ලැබෙන විදියට ජෝජ් බුෂ් මහතා මේ ලබා දෙන්නේ පැණි රස කෑමක් ලු. උත්සව සභාව තුල හිටපු සෙනෙට් සභිකයෙකුගේ කතාවක් අතර තුර තමයි මේ සිදුවීම කැමරාවට හසුවී තිබෙන්නේ. මේ වීඩියෝව බැලුවම ඉස්සර පන්තියේ ටීචර් අහක බලනකන් ඉඳල යාලුවොත් එක්ක කෑම හොරෙන් බෙදාගෙන කාපු හැටි ඔයාටත් මතක් වේවි.