කාලෙන් කාලෙට විවිධ මලින් හැඩවෙන ජපානයේ හිටාචි වෙරළ උයන

2018-10-31


   ජපන් ජාතිකයින් කියන්නේ කාලයෙන් උපරිම වැඩ ගන්න පිරිසක්. ඔවුන් යමක් කරන්නේ යම්කිසි සැලසුමකට. ඒ වගේම එහි අවසන් ප්‍රතිපලය වටිනා දෙයක් බව හැමෝම පිලිගන්නවා. ඒකනේ ජපන්නු හපන්නු කියලා කතාවකුත් තියෙන්නේ. අද මම ඔයාට ලියන්න යන්නේ ජපානයේ වඩාත් සංචාරක ආකර්ෂණය හිමිවුණ හිටාචි වෙරළ උයන ගැනයි. මෙම වෙරළ උද්‍යානයේ සම්පුර්ණ භුමි ප්‍රමාණය හෙක්ටර්යාර 350 ක් වෙනවා. හැබැයි දැනට සංචාරකයින් සඳහා විවෘතව තියෙන්නේ හෙක්ටර්යාර 200 ක පමණ භුමි ප්‍රමාණයක් විතරයි. එයින් හෙක්ටර්යාර 190 කම තනිකරම තියෙන්නේ මල්.

   මල් කියන්නේ මොනතරම් සුන්දර දෙයක් ද? තනි මලක සුන්දරත්වය හිතන්න. බලන බලන හැම පත්තකම මල් යායක් පෙනෙද්දී කොහොමද සුන්දරත්වය? දිව්‍යලෝකේ ගියා වගේ නේද? Narcissus, Nemophila, green kokia නම් රත් පැහැ පඳුරු විශේෂය වගේම ටියුලිප් මල් මිලියන ගණනක් මෙම උද්‍යානය සරසන්න එකතු වෙනවා. ඒ වගේම Daffodil , Cosmos මල් ද මිලියන ගණනක් මෙම උද්‍යානය තුල පිපෙන බවයි කියවෙන්නේ.

   මේ උද්‍යානය තුල නරබන්නට කැමතිනම් පයින් ඇවිදින්න යන්න පුළුවන්. ඒ වගේම ඕනෙනම් පාපැදි පැදගෙන යනගමන් මේ සුන්දරත්වය විඳින්න පුළුවන්. ඒ වගේම තැනින් තැන නවත්ත නවත්තා යන පුංචි දුම්රියක නැගිලා වුනත් සංචාරකයින්ට මෙම උද්‍යානයේ ලස්සන බලන්න පුළුවන්ලු.

   හිටාචි වෙරළ උයනේ වඩාත් ආකර්ෂණය දිනාගත්ත කොටස හඳුන්වන්නේ Nemophila Hills කියලයි. Blue Nemophila එහෙම නැත්තන් Baby Blue Eyes කියන නිල් පැහති මල් විශේෂය කඳු යායක් පුරා පිපිලා මවන්නේ අමුතුම සුන්දරත්වයක්.

   ඒ වගේම ටියුලිප් මල් විශේෂ 140 ක මල් මිලියන දෙකකින් හැඩවුන ටියුලිප් මල් උද්යානයත් මෙහි විශේෂ අවධානයක් දිනාගත්ත කොටසක් වෙනවා.

   අවුරුද්දකට යෙන් බිලියන 20 ක් වියදම් කරලා මේ උද්‍යානය බලාකියාගන්නේ Parks & Recreation ආයතනය හරහායි.

Information :https://goo.gl/oRsbFq