කැරපොත්තන් පවුලක් කන ඇතුලේ

2019-11-28


   අවුරුදු 24 වයසැති LV නමින් හඳුන්වන පුද්ගලයෙක් රෝහලට ඇතුල් වී තිබුනේ තමන්ගේ දකුණු කන ඇතුලේ ඇති වී තිබුණු අධික වේදනාවක් හේතුවෙන්. ඉතින් මේ රෝහලේ කාර්ය මණ්ඩලයට දකින්න  ලැබෙනවා මේ පුද්ගලයාගේ කන් බෙරයට ආසන්නයේ ජිවත් වෙන කැරපොත්තන් පවුලක්.

   ඇස කන නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් වුන වෛද්‍ය yijin  ට තමයි මේ රෝගියාව භාර වෙන්නේ..ඔහු මුලින්ම හිතලා තියෙන්නේ  ඒක වෙනත් පුද්ගලයින්ට ඇති වෙන සාමාන්‍ය කනේ කැක්කුමක් කියලයි. ඒත් ඔහු පරික්ෂා කරද්දි දැක්ක දෙයින් පුදුමයට පත් වෙලා තියෙනවා. ඔහුගේ කන ඇතුලේ කැරපොතු පැටව් 10 කට වඩා එහෙ මෙහෙ ඇවිදිමින් ඉඳලා. ඒ විතරක් නෙමෙයි ඒ පැටවුන්ගේ අම්මත් ඉඳලා තියෙන්නේ කන ඇතුලෙම තමයි. කොහොම හරි ඒ වෛද්‍යවරයයි රෝහල් කාර්ය මණ්ඩලයයි මේ සත්තු ඔක්කොම කනෙන් බොහොම පරිස්සමට ඉවත් කරගෙන තියෙනවා.

   මේහෙම දෙයක් සිදුවෙලා තියෙන්නේ මේ පුද්ගලයා සතුව තිබුන අයහපත් ජිවන රටාව නිසා බව කියවෙනවා. ඔහු කන කෑම බිම ඔහුගේ ඇඳ අසල එහෙමම තියෙන්න ඉඩ හැරලා නින්දට යන පුරුද්දක් ඔහුට තිබිලා තියෙනවා. මේ නිසා රාත්‍රී කාලයේදී ඔහුගේ කාමරයේ කැරපොත්තන් බෝවෙලා තමයි ඔහුට මේ අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ.