මනමාලයට දඬුවම් දෙන රටක්

2018-07-26


ලංකාවෙත් පටන් ගන්න පුළුවන්නන් ඔන්න හොඳ වැඩක් තියෙනවා. දකුණු කොරියාවේ විවාහ උත්සව වල හරිම පුදුම සිරිතක් තියෙනවා. විවාහයේ වැඩ කටයුතු ඉවර වුනාට පස්සේ මනමාල මහත්තයව බිම දිගා කරලා කකුල් දෙක රෙදි පටියකින් එකට එකතු කරලා ගැට ගහනවා. ඊට පස්සේ  හම් පටියක් අරගෙන පතුල් වලට හයියෙන් ගහනවා. ඉස්සර නම් පුජනීය ස්ථානයක් ඉදිරිපිට තියෙන ක්‍රීඩාංගනයක තමයි මේ සිරිත සිද්ද කරලා තියෙන්නේ. හැබැයි දැන්නම් විවාහය පැවැත්වෙන හොටෙල් එකේම මනාලයාගේ යාළුවො එකතු වෙලා තමයි ලු මේ සිරිත ක්‍රයාත්මක කරන්නේ. මේ සම්ප්‍රදාය පටන් අරන් තියෙන්නේ මනමාලයාට කොයිතරම් ඉවසීමක් තියෙනවද කියලා බලාගන්න ලු. කොහොමද වැඩේ අපේ මනමාලයෝ ටිකටත් මේ වැඩේ කරන්න පටන් ගත්තා නම් හොඳයි නේ..