මුළු අහසම රත් පැහැ කරමින් ඇවිලෙන ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි.

2020-01-01


   ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ලැව් ගිණි තත්වය වෙරළාසන්න ප්‍රදේශ වලටද වේගයෙන් පැතිරී යාම නිසා දහස් ගණන් මිනිසුන් මුහුදු වෙරළ වෙත ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. නිව් සවුත්වේල්ස් සිට වික්ටෝරියා දක්වා කිලෝමීටර් 500 ක් ඇතුලත විවිධ ස්ථාන වල මෙම ලැව් ගිණි ඇතිව තිබෙන බව පැවසෙනවා.  මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය විදියට සැලකෙන ප්‍රින්සස් හයිවේ මේ වන විට වසා දමා ඇති බවද කියවෙනවා. දෙසැම්බර් 31 වෙනිදා සිදුවූ ඇති විශාල ගිනි ගැනීම් හේතුවෙන් පුද්ගල මරණ කිහිපයක් ද වාර්තා වී තිබුනා. ඒ අනුව මෙම ලැව් ගිනි තත්ත්වයන් නිසා  මියගිය පුද්ගල සංඛ්‍යාව 12 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙම ලැව් ගිනි වැඩි වශයෙන් පැතිර තිබෙන්නේ නගර වලින් එපිට ගම්බද ප්‍රදේශ වල වුවත් නගර වල ජිවත් වෙන පිරිස් වලට ද මුහුණ පාන්න සිදුව ඇත්තේ අධික උෂ්නත්වයකටයි.