නවසීලන්තයේ ගිණි කන්දක් පිපිරීමෙන් සිදුව ඇති දේ

2019-12-09


   නවසීලන්තයේ වෙරළට ඔබ්බෙන් පිහිටි White Island හිදී ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙනවා. මෙම සිදුවීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව කියවෙනවා. එමෙන්ම පුද්ගලයින් කිහිප දෙනෙක් අතුරුදහන් වී ඇති බවද පැවසෙනවා.  එරට වේලාවෙන් අද පස්වරු 2.15 ට පමණ මෙම ගිනි කන්ද පුපුරා ගොස් ඇති අතර එම අවස්ථාවේදී සංචාරකයින් 50 ත් 100 ත් අතර පිරිසක් ඒ අවට භුමියේ සිටි බව එරට අග්‍රාමාත්‍ය Jacinda Arden ප්‍රකාශ කොට තිබෙනවා.  එරට ධීවරයින් පවසා ඇත්තේ ඊට පසුවද සුළු පිපිරීමක් සිදුවූ බවයි.