පාට පාට පාපැදි වලින් වැඩට එන Google සේවකයෝ

2018-09-13


   Google සමාගම තමන්ගේ සේවකයින්ට google logo එකේ  පාට වලින් වර්ණ ගන්වපු පාපැදි ලබා දීලා. දැන් Google සේවකයෝ වැඩට එන්නේ පාට පාට බයිසිකල් වලින්. ඇත්තටම ඇයි එකපාරටම Google සමාගම මේ වගේ තීරණයක් ගන්න ඇත්තේ? ඒකට හේතුව මේකයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට ලෝකේ වයස අවුරුදු 18 ත් 45 ත් අතර පිරිස අතර ශ්‍රිඝ්‍රයෙන් සිරුරේ අධික ලෙස කොලොස්ටරෝල් තැන්පත් වීම ඇතිවෙමින් තියෙනවාලු. ඉතින් මේ රෝගී තත්වයෙන් බේරෙන්න නම් අපි ක්‍රියාශීලි ජිවන රටාවකට හුරුවෙන්න ඕනේ. මේ රෝග තත්ත්වය ගැන ලෝක ජනතාවගේ අවධානය යොමු කරන්න හිතාගෙන තමයි Google ආයතනය තමන්ගේ සේවකයන්ගේ භාවිතයට පාපැදි ලබා දීලා තියෙන්නේ. මම හිතන්නේ ලංකාවේ අපිටත් මේ වගේ Concept එකක් ක්‍රියාත්මක කරන්න පුළුවන්නන් අපිටත් නිරෝගී වෙන්න වගේ උදේ හවස මුහුණ දෙන වාහන තදබදයටත් ඒක විසඳුමක් වේවි.