Phone එක ඔබ ඔබ යන පදිකයන්ට විශේෂ මංතීරුවක්

2018-06-08


facebook , instagram වගේ සමාජ ජාල භාවිතයත් එක්ක හුඟ දෙනෙක් තමන්ගේ Smart ජංගම දුරකථනය ට ඇබ්බැහි වී තිබෙනවා. පාරේ ඇවිදගෙන යන විට වාහනය පදවන විට පවා දුරකථන තිරයෙන් ඇස ඉවතට ගන්න බැරි තරමට තත්වය දරුණුයි. 

මෙයට විසඳුමක් විදියට උතුරු  දිග චීනයේ ෂි අන් නගරයේ යාන්තා විදියේ විශේෂ මංතීරුවක් හඳුන්වා දී තිබෙනවා. මේ මංතීරුව අනෙක් ඒවායින් වෙනස්ව හඳුනා ගන්න හැකිවෙන විදියට රතු කොළ සහ නිල් පැහැයෙන් වර්ණ ගන්වා තිබෙන අතර දුරකතනයක සලකුණක් ද සටහන් කර තිබෙනවා. 

ඉතින් බිම බලාගෙන තනියම හිනා වේවි Phone එක ඔබ ඔබ යන ඔයාටත් මේ පණිවිඩය හුඟක් වැදගත් වෙයි.