රාජකීය සම්ප්‍රදායක් මේගන් මඟ හැරලා

2018-07-02


රජ පවුලෙන් කසාදයක් බඳින්න ගොඩක් අය හීන දකිනවා. හැබැයි ඉතින් රජ පවුලෙන් කසාද බැන්දට පස්සේ ලේසි නෑ. නීති  රීති සම්ප්‍රදායන් ගොඩකට යට වෙන්න සිද්ධ වෙනවා. රජ පවුලේ අයට මේවා හුරු වුනාට රජ පවුලට පිටින් එකතු වෙන සාමාජිකාවන්ට නම් මේවා නුහුරු දේවල්. ඒ හින්දම එයාලගේ අතින් මේවා කැඩෙන අවස්ථා ගොඩක් බ්‍රිතාන්‍ය කැමරාකරුවන්ට අහුවෙනවා. පහුගිය කාලේ පුරාම හැරී සහ මේගන් ගැන හුඟක් කතාබහ වුනා එයාලගේ විවාහ උත්සවය හින්දා හැබැයි දැන් ආයෙමත් ඔන්න මේගන් ගැන කතාවෙන්න පටන් අරන්. හේතුව පහුගිය දවසක් මේගන් අතින් පැළ්වෙනි වතාව්ට රාජකීය සම්ප්‍රදායක් මඟ හැරීම. පහුගිය දවසක ලන්ඩනයේ වාර්ෂික තුරඟ තරග සමාරම්භක උත්සවය වෙලා තියෙනවා.රාජකීය සම්ප‍්‍රදායට අනුව මේ උත්සවයට එන හැම රාජකීයයෙකුම තමන්ගේ නම සඳහන් බැජ් එකක් පලඳින්න ඕනේ.මේ බැජ් නිර්මාණය කරලා දෙන්නෙත් තුරඟ තරග සංවිධායකයන් විසින්මයි. මේ බැජ් එක පලඳින්න ඕනේ නැති එකම කෙනා එලිසබෙත් රැජිණ විතරයි. එහෙම තියෙද්දී ඔන්න මේගන් විතරක් බැජ් එක පැලඳගෙන ඇවිත් නැහැ, කොහොම වුණත් මේ උත්සවයට ගිය විලියම්, කේට්, හැරී ඇතුළු හැමෝම නම් බැජ් එක ගහගෙන තමයි ඉඳලා තියෙන්නේ.