සෙලීනා අවුරුදු 68 ක පුද්ගලයෙක් සමඟ විවාහ වෙයි?

2019-05-27


   මේ දිනවල සෙලීනා ගෝමස් ගැන කතාවක් අන්තර්ජාලය පුරා පැතිර යනවා. මේ කතාව ඇගේ විවාහය සම්බන්ධවයි .කොහොමටත් තරුවකගේ විවාහය කියන්නේ පුවත් මවන සිදුවීමක් වුනත් සෙලීනා විවාහ වන්නට යන මනාලයා වයස 68 පසුවන්නෙක් නිසා මේ පුවත තටු ලබා රට රටවල් අතර පියාබන්නට හේතුවක් වුනා.

   සෙලිනා කෑන්ස් සිනමා උළෙලට සහභාගී වූ චායාරූප කිහිපයක් සමඟින් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි  සටහනක් තබා තිබුනේ ඇය බිල් මුරේ සමඟින් විවාහ වන බව පවසායි. මේ පිළිබඳව ඇතැම් අය පවසන්නේ මෙය සෙලිනාගේ උමුතු සටහනක් බවයි. ඒ වගේම් ඇතැම් අය පවසන්නේ ඇය සහ බිල් එක්ව රඟපෑ The Dead Don’t Die චිත්‍රපටයේ ප්‍රචාරය වෙනුවෙන් ඇය මෙවන් දෙයක් කරන්න ඇති බවයි.