තල්මසෙකුගේ කුස තුල ප්ලාස්ටික් බෑග් 80ක් තිබිලා

2018-06-12


දකුණු තායිලන්ත මුහුදේ පන අදිමින් හිටපු තල්මසෙකු බේරා ගැනීමට එරට සත්ව සංරක්ෂණ නිලධාරින් ගත්ත උත්සහයක් අසාර්ථක වෙලා තියෙනවා. අසනීපයෙන් සිටි අවස්ථාවේදී ප්ලාස්ටික් බෑග් 5 වමනය කරපු මෙම තල්මාසාගේ මරණින් පස්සේ කුස තුල තිබිලා ප්ලාස්ටික් බෑග් 80ක් හොයාගෙන තියෙනවා.  මේ මුළු ප්ලාස්ටික් තොගයේ බර කිලෝග්‍රෑම් 8 ක්.  මේ ප්ලාස්ටික් තොගය දාරාගෙන සිටීම නිසා පයිලට් වේල් විශේෂයට අයත් මෙම තල්මසා ආහාර ගැනීමට නොහැකි වීමෙන් දුර්වල වී ඇති බවයි විශේෂඥයින් කියලා තියෙන්නේ.

කොහොම වුනත් බි. බි.සි පුවත් සේවය වාර්තා කරලා තියෙන විදියට නම් තායිලන්තය කියන්නේ අධිකව ප්ලාස්ටික් භාවිතා කරන රටක් .ඒ වගේම මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා වසරක සිය ගණනක් මුහුදු ජීවින් තායිලන්ත මුහුදු තිරයේදී මරණයට පත්වෙන බව වාර්තා වෙනවා.